නීතී අංශවලට අනවශ්‍ය පීඩනයක් ලබාදීම සුදුසු නෑ. – මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ

0

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් (27) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.මෙහිදී මහනුවර දිස්ත්‍රීක්කය තුල වර්තමානය වන විට පවතින විවිධ ගැටලු සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු වු අතර,   ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පළාත් සභාවක් වශයෙන් ගත යුතු සියලු පියවරන් කඩිනමින් ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා සියලු පාර්ශව වල සහභාගීත්වයෙන්  විශේෂ රැස්වීමක් ආණ්ඩුකාර කාර්යාලයේදී ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, යම් ගැටලුවක් ඇතිවූවායින් පසුව ඒ සදහා පියවර ගැනීම වෙනුවට සිද්ධියක් ඇති වීම වැලැක්වීම සදහා  ක්‍රියා කිරීම වැදගත් බව මෙහිදී ආණ්ඩුකාරවරයා පෙන්වා දුනි.

පර්වේෂණ සාක්ෂී මත සිදුකරන පරීක්ෂණ සදහා යම් කාලයක් ගතවන බැවින්, ඒ සදහා නීති අංශ කෙරෙහි අනවශ්‍ය පීඩනයක් ලබාදීම සුදුසු නොවන බවත්,   වර්තමාන රජය කිසිදු විටකදී වැරදිකරුවන්ට විරුද්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට දෙවරක් නොසිතන බවත් ලලිත් යු ගමගේ මහතා සම්බන්ධීකරණ කමිටුව අමතමින් ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රීක්කයේ එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා වු අතර, එහිදී සෑම සති අන්තයකදීම අදාල පාර්ශවයන් කැඳවමින් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් කොවිඩ් මර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් නිසි සැලැසුමකට අනුව එම කටයුතු වලට නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටු සම සභාපති මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් පළාත් ආණ්ඩුකාරවරයා වෙත ස්තූතිය පළ  කළ අතර,  එහිදී එන්නත්කරණ කටයුතු සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමේදී ආණ්ඩුකාරවරයා සදහන් කොට සිටියේ පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සහ එම කාර්ය මණ්ඩල වල කැපවීමෙන් එම කටයුතු වඩා සාර්ථක අයුරින් ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබූ බවත්,ඔවුන්ගේ එම සහයෝගය අගය කළ යුතු බවත්ය.මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ,මහාචාර්ය රංජිත් බණ්ඩාර , අබ්දුල් හලීම් යන මහත්වරුන් සහ පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සහ නියෝජිතයන් ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක  යන මහත්වරුන් ඇතුළු රේඛීය අමාත්‍යාංශ – පළාත් අමාත්‍යාංශ , දෙපාර්තමේන්තු වල රාජ්‍ය පරිපාලන නිළධාරීන් ඇතුළු  රාජ්‍ය  ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් එක් ව සිටියේය.