කොවිඩ් නිසා සතුන්ද අවධානයට

0
By: මේඝා චින්තාමණි 
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ වාසය කළ සිංහයෙකුට Covid-19 ආසාදනය වීමෙන් අනෙක් සතුන් පිසිආර් කරනවද නැත්ද යන්න පිලිබදව රජයේ අවධානය යොමු වී ඇත.
කෙසේවෙතත් මෙම සත්වයා දින 3ක පමණ කාලයක් රෝගී තත්වයෙන් පෙළීම නිසා සිදුකළ මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ කැස්සක් සහ උගුරේ වේදනාවකින් පීඩා විඳි බවය.
ඉන් පසුව අදාළ සිංහයාගේ සේම පටල පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයට යොමුකර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර තිබෙනවා.
එම පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අදාළ සිංහයාට කොවිඩ් 19 වැළඳී ඇති බවටයි.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහ දූපතේ වසර 8කට වැඩි කළක් කල් ගෙවන තෝර් නමැති මෙම සිංහයා 2012 වසරේදී දකුණු කොරියාවෙන් මෙරට ජාතික සත්වෝද්‍යානයට ගෙන එන ලද සත්වයෙක් වන අතර තෝර් ගේ මෙම ආසාදිත තත්වය තහවුරු වීමත් සමඟ එම සිංහයන් භාරව සිටි රැකවලුන් තිදෙනෙකු නිරෝධායනයට යොමුකිරීමට දෙහිවල ජාතික සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර සිටියි.
තෝර් සිටි සිංහ දූපත තුළ 2021 වසරේදී ම මෙරටට ගෙනඑන ලද ශීනා නැමැති සිංහ ධේනුව සහ තවත් සිංහයන් සිව් දෙනෙකුද වේ. මේ අතර පසුගිය සති දෙකක කාලය තුල දෙහිවල සත්වෝද්‍යානයේ වාසය කළ සීබ්‍රා පැටවෙකු සහ හිපපොටේමස් සත්වයෙකු හදිසියේ මිය ගියේය.
සත්වෝද්‍යාන බලධාරීන් සැක පළකරන්නේ ඇතැම් විට එම සත්වයින්ට ද කොවිඩ් 19 ආසාදනය වී තිබෙන්නට ඇති බවයි