කොවිඩ් ආසාදිත මෘතදේහ බහාලීමට කාඩ්බෝඩ් මිනී පෙට්ටි

0
කොවිඩ් ආසාදිත මෘතදේහ බහාලීම සඳහා කාඩ්බෝඩ්වලින් නිෂ්පාදනය කළ මිනී පෙට්ටියක් හඳුන්වා දී ඇත.
රුපියල් 4,500ක්  වැනි අඩු මුදලකට ලබා දෙන මෙම කාඩ්බෝර්ඩ් මිනී පෙට්ටිය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව පසුගියදා හඳුන්වා දී තිබේ.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරයෙක් වන ප්‍රියන්ත සහබන්දු මහතාට ඇති වු සංකල්පයක් අනුව කොවිඩ් මෘත ශරීර රුපියල් 30,000 – 40,000ක් වැනි අධික මුදලක් යටතේ ලබාගත් මිනී පෙට්ටියක දමා අවසන් කටයුතු සිදුකිරීම අපහසු වු බැවින් මෙවන් නිර්මාණයක් සිදුකර ඇත. අදාළ මිනී පෙට්ටිය තුළ කිලෝ 100ක බරක් තැන්පත් කළ හැකිය.