පැය 18ක විශේෂ මෙහෙයුමකින් රියදුරන් 905ක් අත්අඩංගුවට

0
පසුගිය 18 වන දින දහවල් 12 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 අත්අඩංගුවට  ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මීට අමතරව මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් 6,898 දෙනෙක් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බවය.
අප්‍රේල් 10 වනදා සිට 18 වන දින දක්වා කාලය තුළ වැඩි වශයෙන් අනතුරට ලක්ව ඇත්තේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදිය.