අතරමැදියන් නිසා කහ ගොවීන් අසරණ වෙයි

0

By: අශන්ති වරුනසුරිය

මෙම වසරේ කහ වගාවේ අස්වනු නෙලීම ආරම්භ වී තිබේ. කහ වලට ඇති ඉල්ලුම නිසාද අපනයනන් සිමා කිරීම නිසාද කහ මිල ඉහළ ගියද අතරමැදියන් හේතුවෙන් ගොවි ජනතාවට ලැබෙන මුදල අවම වී ඇති බැවින් කහ සදහා ස්ථාවර මුලක් ලබා දෙන ලෙස ගොවීහු ඉල්ලති.
මේ පිළිබදව අප කල විමසීමේදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මයා පැවසුවේ කහ මිල සම්බන්ද ගැටළුව ඉක්මනින් නිරාකරණය කරන බවත් සෞභාග්‍ය දැක්ම රජයේ වැඩපිළිවෙල යටතේ ගොවින් අසරණ නොකට ඔවුන් වෙනුවෙන් වත්මන් රජය පෙනී සිටින බවත්ය.
වර්තමාන රජය බලයට පත්වීමත් සමග විදෙස් රටවලින් කහ ගෙන්වීම නතර කෙරුනේ දේශීය ගොවියා නගා සිටුවීමේ අරමුණිනි. ඒ අනුව කහ වගාව ඇරඹීමට ගොවි ජනතාව පියවර ගත් අතර මෙම වසරේ පළමු අස්වැන්න නෙලීම මේ වන විට ආරම්භ වී ඇත.
මෙවර වර්ෂාව නිසා කහ වගාවන් සරු විය. කහ ග්‍රෑම් 100 ක මිළ රුපියල් 350 ක් තරම් ඉහළ මිළත් ගත්ත ද අතරමැදියන් හේතුවෙන් ගොවින් අසරණව සිටිති.