ගම්පහ කඩ වැසේ. කොරෝනා පාලනය කිරීමට වැඩපිළිවෙලක්

0
By: අශන්ති වරුනසුරිය 
මේවන විට ගම්පහ නගරයේ වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට තීරණය කළ බව ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා පවසයි.

මේ වන විට මුළු නගරයේ ම ව්‍යාපාරිකයින් 1000කගේ පීසීආර් කරන්න තැන් 5කදී සිදු කිරීමට තීරණය කර ඇත. ඒ වාර්තාව සමග ඊළඟ පියවර තීරණය කරන බව ඔහු පැවසුවේය

මේ වන විට නගර සිමාවේ ආසාදිතයින් 233 සිටින බවත් එළවළු වෙළෙඳපොළ පලතුරු වෙළෙඳපොළ ආශ්‍රිත සේවකයින්ට මෙලෙස කොවිඩ් අසාදිතව ඇත.
පසුගිය දින 4 රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ වෙළෙඳසැල් ආශ්‍රිතව වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගෙන ඇති බව අප කල විමසුමට පිළිතුරු දෙමින් නගරාධිපතිවරයා පැවසුවේය.