මහානාමගේ සභාපතිත්වයෙන් ක්‍රිකට් කමිටුවක්

0
By: අශන්ති වරුනසුරිය 
ක්‍රීඩා අමාත්‍යවරයාගේ පූර්ණ බලය සහිත ක්‍රිකට් උපදේශන කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. පත් කිරීමට නියමිත මෙම නව ක්‍රිකට් උපදේශන කමිටුවේ සභාපති ලෙස වැඩ භාර ගැනීමට රොෂාන් මහානාම එකග වී තිබේ.
ඉහතදීද මෙවන් යෝජනාවක් රොෂාන් මහානාමට ඉදිරිපත් කර තිබුණත් මෙතෙක් මෙවන් කමිටු හරහා කිසිවක් ක්‍රීඩාවට සිදු නොවීම පෙන්වා දෙමින් ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබිණි.
නමුත් මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස නමාල් රාජපක්ෂා මහතා සිය අමාත්‍ය බලය විෂය පථය සංවර්ධනය කිරීමය යෙදවොන බව පවසා තිබිණි. ඒ අනුව යම් වෙනසක් ඇති  වනු ඇතැයි අපේක්ෂාවෙන් රොෂාන් මහානාම මිට එකඟවී තිබේ. මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන හා එහි සාමාජික කුමාර් සංගක්කාරත් කටයුතු කරනු ඇත.
එමෙන්ම අන්තර් ක්‍රීඩා සමාජ 2020/2021 ක්‍රිකට් තරගාවලි සමය ලබන මාර්තුවේ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිරණය කර ඇත. මේ අනුව අන්තර් ක්‍රීඩා සමාජ එක්දින හා පන්දුවාර විස්සයි විස්ස තරගාවලි ආරම්භ වේ. පසුගිය වසරේ වයස අවුරුදු 23 න් පහල ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක කොරෝනා වසංගතයේ සීග්‍ර ව්‍යාප්තිය නිසා නොපවත්වා අතහැර දැමු අතර එලෙස අතහැර දැමුණු අවසන් පූර්ව තරග දෙක ලබන 26 වනදා හා 28 වැනිදා පැවැත්වීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.
මේ වන විට මෙම තරගාවලි සදහා එක්වන කණ්ඩායම් සදහා තරගාවලි ගාස්තුවෙන් සියයට 25 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවා අවසන්ය. කොරෝනා සමයේ අභියෝග සමගින් කණ්ඩායම් පසුගිය සතියේ සිට සුපුරුදු ලෙස පුහුණුවීම් ආරම්භ කර තිබේ.