නව ප්‍රභේදය බස්නාහිර පළාතේ වර්ධනය විය හැකියි

0
කොරෝනා නව ප්‍රභේදය  සහිත රෝගීන් අවිස්සාවෙල්ල වවුනියාව වැනි ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ඉහළ ජන ඝණත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වැඩිම පැතිරීමක් ඇති වීමට ඉඩ ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
මුඛ ආවරණ 02 ක් පැලදීමේ ප්‍රතිඵලයක් ඇති බවත් කළ යුතු වන්නේ මුඛ ආවරණය නිසි ලෙස පැලදීම බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කොරෝනා එන්නත ලබාගත යුතු වන්නේ රෝගය බෝවීමට පෙර බව ද ශරීරයට වෛරසය ඇතුළුවීමෙන් පසුව එන්නත විදීමෙන් පලක් නොවන බවයි ඒ මහතා පවසයි.