ලංකාවට ප්‍රථම වරට භුගත විදුලි රැහැන් සහිත නගරයක්

0
By: අශන්ති වරුනසුරිය
දිවයිනේ ප්‍රථම වරට භූගත රැහැන් මාර්ග යොදාගනිමින් විදුලිය බෙදාහැරීමේ ජාලයක් ගාල්ල නගරයේ ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කරන්න ලංකා විදුලි පුද්ගලික සමාගමත් සමගින් මේ වනවිට සියළු සැලසුම් සකස් කර අවසන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
දැනට ලංකාවට ගැටළුවක්ව පවතින කුණු යොදාගනිමින්, විදුලිය නිපදවීමේ නියමු ව්‍යාපෘතියක් හැදල නගරය ආශ්‍රිතව දියත් කිරීමටද සැලසුම් සකස් කර ඇත. ඇමතිවරු සියලු දේ ප්‍රථමයෙන් ලබාදෙන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයට, නමුත් මම ඒ සංස්කෘතියෙන් මිදිලා, ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගික ජනතාවට මේ සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා” යැයි විදුලිබල අමාත්‍යවරයා පැවසීය.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවත්, මේ ආකාරයෙන් ජනතා සහන සැලසීමේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය බිලි නොදී, සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම නිසිආකාරව සකස් කිරීම සම්බන්ධයෙන්, ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් අපි කෘතවේදීත්වය පළකල යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
සමස්ත දිවයින විදුලියේ එළියෙන් ඒකාලෝක කිරීමේ වැඩසටහන සාර්ථකත්වය කරා එළඹ තිබෙන බවත් විදුලිය කියන්නේ මූලික යටිතල පහසුකමක්, මානව අයිතියක් වගේම ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවාවක්. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 99.6 කට විදුලිය ලබාදීලා. මේ වන විට විදුලිය නොමැති පවුල් සිටින්නේ 2730 ක් පමණයි. 2022 වසර අවසන් වීමට ප්‍රථම එම කණ්ඩායමටත් විදුලිය ලබාදෙන්න අපි සූදානම්. මහින්ද රාජපක්ෂ මැතිතුමන් පසුගිය අයවැයෙන් ඒ වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරලා තිබෙනවා” යනුවේද මේ ගැන අදහස් දක්වමින් පැවසීය.