EPF ලබාගැනීම කලාප කම්කරු කාර්යාල හරහා

0
By: අශන්ති වරුනසුරිය
සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සභ අයදුම් පත් භාර දීම සඳහා කොළඹ, නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් පවසයි.
මෙසේ දිස්ත්‍රික්ක කලාප කම්කරු කාර්යාල වෙත ලබා දෙන සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත්‍ර එම කාර්යාල මගින්ම සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමේ පහසුකම් මේ වන විට සම්පාදනය කර ඇත.
එම නිසා සිය අයදුම්පත්‍ර දිස්ත්‍රික් හෝ කලාප කාර්යාලවලට දීම තුළින් ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමේ කිසිදු ප්‍රමාදයක් සිදු නොවන බවත්,එවැනි ප්‍රමාදයක් ඇති වේ යැයි කිසිදු සැකයක් හෝ බියක් ඇති ඇති කර ගත යුතු නැත.
පවතින ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය පැතිර යාමත් සමඟ විශාල වශයෙන් මහජනතාව කොළඹ ප්‍රධාන කාර්යාල පැමිණීම වළක්වා ගැනීමේ අරමුණ අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ගෙවීම්වලට අදාළ සියළුම කටයුතු ලංකාව පුරා විහිදි ඇති දිස්ත්‍රික් හා කලාප කම්කරු කාර්යාලවලට විමධ්‍යගත කර ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල්  නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
කොළඹ ප්‍රදේශයේ ආයතනයක සේවය කළ අයෙකුගේ ප්‍රතිලාභ ලබා ගැනීමේදී මේ වන විට එම ආයතනය වසා දමා ඇත්නම් එම පුද්ගලයන් පමණක් සිය අයදුම්පත් භාරදීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ කම්කරු මහලේකම් කාර්යාලයට පැමිණිය යුතු බව චන්ද්‍රකීර්ති මහතා පවසයි.
කළුතර,ගම්පහ,මහනුවර,ගාල්ල,යාපනය,රත්නපුර,බදුල්ල,ත්‍රිකුණාමලය,කුලියාපිටිය, අ නුරාධපුර, අවිස්සාවේල්ල, අම්පාර, මඩකලපුව, බදුල්ල, හලාවත, හපුතලේ, ගාල්ල, ගම්පොල, හම්බන්තොට,හැටන්,මාතර,මතුගම,මොනරාගල,මහරගම,මීගමුව,නුවරඑලිය,ජාඇල, පානදුර, දකුණ, කහවත්ත, කෑගල්ල, කුරුණෑගල, මාතලේ,පොලොන්නරුව,වව්නියාව,පුත්තලම,මාහෝ,වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටි ඉහත සඳහන් දිස්ත්‍රික්ක හා කලාප කාර්යාල වෙතින් සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමේ කටයුතු සම්පූර්ණ කරගත හැකිය.