මන්ත්‍රී ජගත් ඉවත් වෙන්න යයි

0
පාදුක්ක කොට්ඨාශසයට ඇමැති ගාමිණී ලොකුගේ සහ ඇමැති සරත් වීරසේකර එක්ව සිය දේශපාලන හිතවතෙකු පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර චෝදනා කරයි.
මෙය ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව ආණ්ඩුව තුළන් ම නැඟී සිටීමක් බවත් සරත් වීරසේකර සිය හිතවතුන් බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් කරමින් ඊළඟ මැතිවරණයෙන් ද මනාප ලැයිස්තුවේ පළමු වැනියා වන්නට සූදානම් වන බව ද ඔහු සඳහන් කළේය.
මේ නිසා තමන්ගේ ජීවිතයට මරණ තර්ජන බව ඇති විය හැකි බව පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයා, පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ද තමා ඉවත් වන බවත්  මේවැනි වැඩ කරන මැති ඇමැතිවරුන්ගේ වැඩ තව දුරටත් ඉවසිය නොහැකි බවත් පැවසුවේය.