ලොහාන්ට එරෙහිව ගන්නා පියවර ගන්නවා

0
ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිත බැවින්, අගමැතිවරයා පැමිණි පසු  මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව රැස්වී තීරණයක් ගැනීමට  බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.
අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට, බීමතින් සිය මිතුරන් පිරිසක් සමඟ අයුතු ආකාරයෙන් ඇතුළු වු බවට රාජ්‍ය අමතයවරයට චෝදනා එල්ල විය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම විධායක කමිටුව රැස්වී, සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අප කල විමසුමට පිළිතුරු දෙමින් පැවසුවේය.