Fw: 2021 – 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සමාජ වෙනස්වීම් හා මහජන මතය අවබෝධ කර ගැනීම පිළිබදව ශ්‍රී ලංකා බැරෝමීටර මොඩියුලය සමීක්ෂණ හා දත්ත වාර්තාව 

0

2021 – 2022 වර්ෂවලදී ශ්‍රී ලංකාවේ සමාජ වෙනස්වීම් හා මහජන මතය අවබෝධ කර ගැනීම පිළිබදව ශ්‍රී ලංකා බැරෝමීටර මොඩියුලය සමීක්ෂණ හා දත්ත වාර්තාව එළි දැක්වීමේ උත්සවය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා බැරෝමීටරය ප්‍රති සන්ධානය සහ එහි වඩාත් කැපී පෙනෙන මානයන් ශ්‍රී ලාංකීකයින් විසින් වටහා ගනු ලබන්නේ කෙසේ ද යන්න සහ එකී සෑම මානයකම ප්‍රගතිය නිරීක්ෂණය කිරීම පිළිබදව අවබෝධය පුළුල් කිරීම අරමුණු කර ගත් පර්යේෂණ මුලාරම්භයක් වන අතර, ජාතික වශයෙන් නියෝජනය සහිතව වසර දෙකකට වරක් මෙම සමීක්ෂණය සිදු කරනු ලබයි. මෙම සමීක්ෂණයෙහි මුලික පරමාර්ථය වනුයේ රටේ එකමුතු බව සහ අන්තර්ග්‍රහණය ඉහළ නැංවීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය දැනුවත් කිරීමයි.

2021 -2022 බැරෝමීටරය වාර්තාව සදහා ශ්‍රී ලාංකිකයින් ජාතීන් අතර ජාතික සංහිදියාව, ජාතීන් අතර පවතින අන්‍යොන්‍ය අවබෝධය කොතරම් දුරට පවතින්නේද යන්න ඇතුළු ඒ ආශ්‍රිත කරුණු අරමුණු කර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට හා සත්‍ය ප්‍රති සන්ධානය සහ සංහිදියාව ක්‍රියාත්මක කරනු ලබන අංශ සදහා  බැරෝමීටරය සමීක්ෂණය වැදගත් වන අතර, බැරෝමීටරය විසින් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ විවිධ රටවල සාමය සංහිදියාව පිළිබදව සමීක්ෂණ සිදු කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන බැරෝමීටරය සමීක්ෂණ සදහා යුරෝපා සංගමය, ජර්මානු සහයෝගීතාවය, giz ආයතනය, විසින් අවශ්‍ය අනුග්‍රහය ලබා දී ඇත.

මෙහිදී අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.

2015 වර්ෂය වන විට ජී.එස්.පී ප්ලස් සහනය,  යුරෝපයට මත්සය අපනයන කිරීම වැනි සහන ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාව විශාල ගැටළු රාශියකට මුහුණ දී සිටි බවත්, 2015 වසරේ බලයට පැමිණි රජය විසින් අතුරුදහන් වුවන් සදහා වු  කාර්යාලය, සාමය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලය පිහිටුවමින් මෙරට තුළ සාමය හා සංහිදියාව ගොඩ නැංවීම සදහා කළ කාර්යභාරය හේතුවෙන් එම සහන නැවත ලබා ගැනීමට හැකියාව උදා වු බවත්, අමාත්‍යතුමා පැවසීය.

සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ඉතා වැදගත් කරුණක් වන බැවින් සිවිල් සමාජය ඇතුළු ප්‍රජාව එක් කර ගනිමින් කටයුතු කිරීම වැදගත් වන අතර, රටක් ලෙස ඉදිරියට යාම සදහා මෙවැනි සමීක්ෂණ ඉතා වැදගත් වන බව අමාත්‍යතුමා සදහන් කළේය.

ශ්‍රී ලාංකීකයින් අතර සාමය සංහිදියාව වැඩි දියුණු කරමින් ඉදිරියට යාම සදහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝෂා මැතිතුමා ඇතුළු එරට රජයේ අනුග්‍රහයෙන් සත්‍ය සෙවීමේ කොමිෂමක් මෙරට තුළ ස්ථාපිත කරන බව පෙන්වා දුන් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ ඒ සදහා මෙවැනි සමීක්ෂණ වාර්තා ඉතා වැදගත් වන බවයි.

මෙම සමීක්ෂණ කටයුතු සදහා අනුග්‍රහය දැක්වු යුරෝපා සංගමය, ජර්මානු සහයෝගීතාවය ඇතුළු සියලු දෙනාට ජනාධිපතිතුමාගේ සහ රජයේ කෘතඥතාවය පළ කරන බව ද අමාත්‍යතුමා පැවසීය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ජර්මානු තානාපති Olaf Malchow, යුරෝපා සංගමයේ දකුණු සහ නැගෙනහිර ආසියා ඒකකයේ ප්‍රධානී Mario Ronconi , සත්‍ය, නීතිය සහ ප්‍රතිසංධානය සදහා වන දකුණු අප්‍රිකානු ආයතනයේ මහාචාර්ය Rajen Govender, ස්වාධින පර්යේෂක නතාෂා පලන්සූරිය, giz ආයතනයේ ආරණ්‍යා රාජසිංහ යන මහත්ම මහත්මීන් මෙහිදී අදහස් පළ කළහ.