විමල් වීරවංශලා ගෙන එන පැලැස්තර විසදුම්වලින් රාජපක්ෂ විරෝධය යටපත් කළ නොහැකි බවත්, ජනතාවගෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබාදී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්වී ගෙදර යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
රාජපක්ෂලා රටෙන් හොරකම් කරන ලද මුදල් නැවත රටට ලබාදෙන තුරු ජන අරගලය අවසන් නොවන බවද අද උදෑසන මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කීවේය
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.
රට ඇතුලේම ජනතාව එක මතයකට ගොනු වෙලා තියෙන වෙලාවක, ගෝඨා ගෝ හෝම් කියලා කියන්නේ රාජපක්ෂ රෙජීමයම ගෙදර යා යුතු නිසා. මේ රටේ සමපත් හූරා කාපු, මේ රට මේ තත්වයට ඇදලා දාපු ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලු නඩයම ගෙදර යා යුතු නිසා තමයි ගෝඨ ගෝ හෝම් කියලා කියන්නේ.
ඒකට විසදුමක් විදියට, නූල් සූත්තර දාලා, වෙන පාරකින් රාජපක්ෂලා රකින්න, රාජපක්ෂලාගේ ජීවිත ආරක්ෂා කරන්න, රාජපක්ෂලාගේ දේපල ආරක්ෂා කරන්න දැන් විමල් වීරවංශලා පෙරට ඇවිත් තියෙනවා. අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න යෝජනා කරනවා. මේ වන විට ඉල්ලා අස්විමේ ලිපි භාරදී තිබෙන ක්‍රමයත් නීත්‍යානුකූල නෑ. ජනාධිපතිවරයාට නීත්‍යානුකූලව ඉල්ලා අස්වීම් ලබාදී නැහැ.
ඇමැතිවරු පිරිසක් ඉල්ලා අස්වෙලා, නැවත වරක් මේ ඇමැතිවරුන්ම පත් කරන පැලැස්තර විසදුමක් අපිට අවශ්‍ය නෑ. විමල් වීරවංශ මහත්තයාලා, ලී ක්වාන් යුලා, මහතීර් මොහොමඩ්ලා කියලා තමයි බලයට ආවේ. මේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාවා විතරක් නෙමෙයි, වද කොත්තු, වද පෙති හරහා හරහා මේ රට නරක තැනකට අරගෙන ආවේ විමල් වීරවංශලා. නැවත වරක් වෙනත් පාරකින් ඇවිත් රාජපක්ෂවාදය ආරක්ෂා කිරීමට තමයි මේ උපක්‍රමය භාවිතා කරන්නේ.
මේ නිසා වැරදිලාවත්, අතරමැදි විසදුම්වලට අපි අහුවෙන්නේ නෑ. මේක ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අවෙන තුරු විසදෙන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ සිය පවුල සමග, රාජපක්ෂ පරම්පරාව සමග ආණ්ඩුකරණයෙන් අයින් වෙන්න ඔ්න. ඒ විතරක් නෙමෙයි හොරා කාපු සල්ලි ටිකත් නැවත වරක් රටට දෙන්න ඔ්න. එතකම් මේ ජන අරගලය නිමාවිය යුතු නෑ. ජන අරගලය යටපත් කරන්න, ජන අරගලය රවට්ටන්න, ජන අරගලය මන්දෝත්සාහී කිරීමට, ජනතාවගේ විරෝධය යටපත් කරන්න තමයි සීනි බෝල විසදුම් අරගෙන ඒනනේ. ඒ සීනි බෝල විසදුම්වලට මේ රටේ ජනතාව අහුවෙන්නේ නෑ.
හැමදාම උද්ඝෝෂණ කරමින් ඉන්න බෑ. ආණ්ඩුවේ අවශ්‍යතාවය අනුව ජනතා විරෝධයන් ඇතුලේදී කහලකාරී තත්වයන් ඇතිකරවල රටට ඇදිරිනීතිය දාන තත්වයන් ඇතිවෙන්න දෙන්න බෑ. මේ රටට ආපු සංචාරකයෝ යනවා. එන්න ඉන්න සංචාරකයෝ එන්නේ නෑ. මේ විදියට රට ඉදිරියට ගෙන යන්න බෑ. මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවටම ඉල්ලා අස්වෙන්න ඔ්න
මේ රට වැඩ කරන්න පුලුවන්, රටට ආදරේ කරන පිරිසක් මේ රටත්, ජනාධිපතිධූරයත් භාරගන්න ඔ්න. කෙටි කාලයකට හරි, මැතිවරණයක් පවත්වන තුරු හරි, මේ රටේ තියෙන ආර්ථික අර්බුදය විසදන්න, සියලු දෙනාටම එකට එකතුවෙලා වැඩ කරන්න පුලුවන්. පාට පක්ෂ කුල මල ආගම් භේධ පැත්තකට දාලා සියලු දෙනාටම එකට එකතු කරන්න පුලුවන්.
ඒක ඇතුලේ රාජපක්ෂලා ආරක්ෂා කරන, රාජපක්ෂලා රකින ඩීල් තියෙන්න බෑ. රාජපක්ෂලා රකින උදවිය මේ ආණඩුව ඇතුලේ ඉන්න බෑ. පිරිසිදු කණ්ඩායමක්, වෘත්තිකයින් ඉදිරියට ඇවිත්, සියලු දෙනාම සාමූහිකව ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන ප්‍රශ්ණයට හැමෝම එකතුවෙලා වැඩ කරන්න පුලුවන්.
මේ වෙලාවේ වහාම මැතිවරණයකට යමු කියලා අදහසක් මතුවෙනවා. ඒකට අති විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මැතිවරණයක් පවත්වන තුරු ආර්ථික ප්‍රශ්ණය විසදීමට හැමෝම එකට එකතුවෙලා වැඩ කරන්න ඔ්න. මැතිවරණයක් ඉක්මන් දිනයක පවත්වන තුරු පැලැස්තර විසදුමක් දීලා රාජපක්ෂවරු තවදුරටත් තබාගන්න අවශ්‍ය නෑ. ඒ නිසා රාජපක්ෂලා පලවාහරින කෙටි කාලීන විසදුමකට යන්න ඔ්න.
ඒ නිසා මේ වෙලාවේ පැලැස්තර විසදුම්වලට යන්න ඔ්න නෑ. රැුවටිලිකාරී, ප්‍රෝඩාකාරී විසදුම්වලට යන්න ඔ්න නෑ. ඇදුම් මාරු කරන්න, මූණු මාරු කරන්නේ නැතිව ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න. රාජපක්ෂ ආණ්ඩුවම ගෙදර යන්න. ඊට පස්සේ අලුත් වැඩපිළිවෙලකට එකතුවෙන්න. එහෙම නැතිව ජනතා විරෝධය නතර කරන්න බෑ
හෙට අනිද්දා වන විට මේ ජනතා විරෝධය තවදුරටත් වැඩිවේවි. ගුටි කනවාට බයේ, අල්ලා උස්සාගෙන යාම වලක්වාගැනීම සදහා ඇමැතිධූර වලින් ඉල්ලා ස්වෙලා මේ සෙල්ලම් කරලා හරියන්නේ නෑ.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න. රට පාලනය කරන්න පුලවුන් වෘත්තිකයෙක් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා බවට පත් කරන්න. එහෙම නැතිනම් කවුරුහරි ජාතික ලයිස්තුවෙන් හරි අරගෙන ඇවිත් ජනාධිපතිවරයා බවට පත් කරන්න. කැබිනට් මණ්ඩලටයත් වෘත්තිකයින් පිරිසක් පත් කරන්න. දේශපාලන දැනුම ඇති අය එකතු කරගෙන කෙටි කාලීනව මෙම වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න. ඉන් පසුව ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් එකම දවසක තියලා, ජනතා මුදල් ඉතිරි කරලා ජනතාවට කැමැති තීන්දුවක් ගන්න ඉඩ හරිමු. එහෙම නැතිව රටේ මිනිස්සු මැරෙනතුරු, සිය දිවි නසාගන්නකම්, මිනිස්සු මේ රට පාරට බැහැලා සිරියාවක්, ලිබියාවක් වෙන්න ඉඩ නොදී, හමුදාවේ උණ්ඩවලින් අපේ මිනිසුන්ට මැරෙන්න නොදී, වහාම මේ සදහා තීන්දුවක් ගැනීමට සියලු දෙනාම එකට එකතුවිය යුතුයි
සමහර චීවරධාරීන් මිරිහානට ගිහින් මේ මුස්ලිම් අන්තවාදීන්ගේ වැඩක් කියලා කියනවා. නැවත වරක් මේ රට පටු තැනකට ඇදලා දාන්න එපා. ගංගාවලින් නයි මතුවන කතා උඩට අරගෙන එන්න එපා. සිවුරට මුවා වෙලා රාජපක්ෂලා රකින්න හදන්න එපා. සිවුරට මුවා වෙලා මේ ඇවිත් ඉන්නේ රාජපක්ෂලා රකින කණ්ඩායම බව අමතක කරන්න එපා.
ලී කුවාන්, මහතීර් මොහොමඩ් වගේ අය ගේනවා කියලා විමල් වීවරංශලා මේ ආණ්ඩුව හදලා, ජනතා විරෝධය එන වෙලාවේ පැසැල්තර විසදුම් ගේන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවම ඉල්ලා අස්වෙනවා මිස පැලැස්තර විසදුම් දාලා හරියන්නේ නෑ.
මිනිසුන්ගෙන් ගත්ත සල්ලි දීලා, මේ රටෙන් හොරගත්ත සල්ලි ටික ආපසු දීලා වහාම යන්න පුලුවන් තැනකට යන්න. මේ රට මිනිසුන්ගේ රට. මේ රටේ මිනිස්සුන්ට පැනලා යන්න තැනක් නෑ. ඔය අයට පැනලා යන්න පුලුවන්. ඒත් මේ රටේ මිනිස්සුන්ට පැනලා යන්න තැනක් නෑ.