Political fact / දේශපාලන කතාබහ

0

සමගියේ ඇතුලේ විස්තරේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය සතියේදී රැුස්වූයේ පාර්ලිමේන්තුවේදීය. පාර්ලිමේන්තුවේ සතියේ වැඩ කටයුතු ගැන අවධානය යොමු කළ මන්ත‍්‍රී කණ්ඩායම රටේ පවතින දේශපාලන තත්වය ගැනද අවධානය යොමු කළේය.
දත්ත ආරක්ෂක පනත හරහා මාධ්‍යයට සිදුවන බලපෑම ගැනද දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය. සමගි ජන බලවේගය තීරණය කළේ පනතට විරුද්ධවීමටය.

‘‘මෑත කාලයේදී මාධ්‍යයට වගේම සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන්ට විශාල බලපෑමක් එල්ලවුනා. ඒ හැම වෙලාවකදීම සමගි ජන බලවේගයේ නීතීඥ කණ්ඩායම කැපවීමෙන් ඔවුන්ට අවශ්‍ය නීති උපදෙස් දුන්නා. ඒ ගැන අපි විශේෂ ස්තුතියක් කරන්න ඔ්න’’සජිත් කීවේ මාධ්‍ය මර්දනය ගැනද අදහස් දක්වමිනි.

ඒ අතර පළාත් පාලන මැතිවරණයට ගෙන ඒමට අපේක්ෂා කරන සංශෝධන ගැනත් අවධානය යොමුවිය.

‘‘පළාත් පාලන මැතිවරණයට මේ සංශෝධන ගේන්න හදන්නේ පොහොට්ටුවට මැතිවරණ දිනන්න බැරි බව දන්නා නිසයි. තමන්ට ඡුන්ද දිනන්න අවශ්‍ය වෙන විදියට මැතිවරණ ක‍්‍රමයක් සංශෝධනය කරන එක තරම් තවත් කැත වැඩක් නෑ’’ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කීවේය.

‘‘මේක යටතේ කාන්තා නියෝජනය සහ තරුණ නියෝජනය පහළට වැටෙනවා. මේ ආණ්ඩුව ඉදිරියට යන වැඩ වෙනුවට රිවස් වෙන වැඩ විතරයි කරන්නේ’’රෝහිණී කුමාරි කවිරත්න චෝදනා කළාය.

‘‘මේ සංශෝධනවලට විරුද්ධව අපි සටන් කරන්න ඔ්න’’එරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රිවරයා කළ යෝජනාවට සියල්ලෝම කැමැත්ත දුන්හ.

‘‘අපි කාන්තා දිනය අර්ථවර්තව සැමරුවා. රත්තනාවලී බාලිකා විිද්‍යාලයට බස් රථයක් ප‍්‍රදානය කළා. ඒ අතරේ ආණ්ඩුව කාන්තා නියෝජනය නැති කරන්න කටයුතු කරන එක ලැජ්ජා නැති වැඩක්’’සජිත් කීය.

මේ අතර ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතාවය ගැනද අවධානය යොමුවිය.

‘‘මේක ජනතාව ඉල්ලන විරෝධයක්. විපක්ෂයක් ලෙස අපි ආණ්ඩුව නිවරදි මාර්ගයට ගන්න විශාල මැදිහත්වීමක් කළා. ඒත් ආණ්ඩුව වැරදි පාරේමයි යන්නේ. මේ ෆේල් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළ ගැස්වීමට මේ විරෝධතාවය පවත්වනවා’’එස්.එම්.මරික්කාර් මන්ත‍්‍රීවරයා කීවේය.

‘‘මේ මර්දනයට විරුද්ධව අපි ශක්තිමත්ව කටයුුතු කරන්න ඔ්න. හිරුණිකාගේ ගෙදරට කණ්ඩායමක් ගහන්න හැදුවා. අපි 15 වැනිදා විරෝධතාවයත් එක්ක ජනතාව එක්ක මහ පාරේ අරගල කරමු’’මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කළ යෝජනාවට සියල්ලෝම එකගත්වය දැක්වූහ.

මේ අතර කබීර් හෂීම්, එරාන් වික‍්‍රමරත්න සහ හර්ෂ ද සිල්වා මහ බැංකු අධිපතිවරයා හමුවීමට මහ බැංකුවටම ගියේය. රටේ ආර්ථික තත්වය ගැන ඔවුන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡුා කර තිබුණි.

සජිත්ට ශාසන කීර්ති දේශාභිමානී ශ‍්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් සජිත්ට කීර්ති දේශාභිමානී ශ්‍රී ලංකා ජනරංජන ගෞරව නාමය පිරිනමනු ලැබුවේ සිකුරාදාය.

සමාජ සංස්කෘතික සහ ආගමික වශයෙන්  සජිත් ඉටු කරන අනවරත මෙහෙවර පිළිබඳව විශේෂයෙන් ප්‍රසාදයට පත්ව එකී මෙහෙවර ඇගයීම පිණිස  ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මගින් අදාල ගෞරව නාමය ලබාදුන්නේය.

‘‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙකු, ඇමතිවරයෙකු  ලෙස ඉටු කළ සේවය අපි මෙහිදී සලකා බැලුවා. පසුගිය රජය සමයේ ඉතා කෙටි කලක්  සංස්කෘතික අමාත්‍යවරයා ලෙසද කටයුතු කළත්  ඒ වකවානුව තුළ ආගමික සහ සංස්කෘතික වශයෙන් අතිශයින් වැදගත් වන කටයුතු රැසක් ම ඉටු කරනු ලැබුවා. සසුනට අරුණ, සිසු දහම් සෙවනල විපක්ෂයෙන් හුස්මක් ලසක්වල වැනි වැඩසටහන් හරහා විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින නිසා අපි මේ ගෞරව සම්මානය ලබාදෙනවා’’ ස්වාමීන්වහන්සේලා ගෞරව සම්මානය ලබාදීමට හේතු ඉදිරිපත් කරමින් සජිත්ට කියා තිබුණේය.