රංජන් සමාව ගන්න සූදානම්

0
picture courtesy: dailynews.lk
දැනට සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක කොන්සේදි විරහිතව සමාව ලබාගැනීමට සුදානම් වේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවැනි නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වෙමින් තිබෙන අතර, රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ අධිකරණයට දැනුම් දුන්නේ කොන්දේසි විරහිතව සමාව ගැනීමට රංජන් රාමනායක සූදානම් බවය.
මේ අතර රංජන් රාමනායක රගපෑ චිත‍්‍රපටයක මංගල දර්ශනයට සහභාගීවීමට අවසර දෙන ලෙසද ඔහුගේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එයට අධිකරණයෙන් අවසරයක් හිමි නොවීය.