රනිල් ආණ්ඩුව සමග සාකච්ඡුාවක් – ජාතික ආණ්ඩුවකට නෑ

0
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡුා කරන බවට තොරතුරු පැතිර ගියත්, එවැනි ජාතික ආණ්ඩුවකට රනිල් වික‍්‍රමසිංහ එක් නොවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි.
මේ වන විට පවතින තත්වය පිළිබද අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග රනිල් වික‍්‍රමසිංහ සාකච්ඡුා කර තිබේ. එහෙත් එම සාකච්ඡුා පුද්ගලික මට්ටමින් පවත්වා තිබේ.
එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද සම්බන්ධ කරගනිමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා රනිල් වික‍්‍රමසිංහ කැමැත්තක් දක්වා නොමැති බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
මේ අතර ආර්ථික අර්බුදයට විසදුම් ලබාගැනීම සදහා වන සර්ව පාක්ෂික සමුළුවකට එක්වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැමැත්ත පළ කර තිබේ. ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම අතර ඊයේ දිනයේදී සාකච්ඡුාවක් පැවති අතර එහිදී මෙම එකගතාවයකට පැමිණ ඇත.