සංචාරක ගමනාන්ත 09 සංවර්ධනයට අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක්

0

තිරසර සංචාරක ගමනාන්ත සංවර්ධනයට අන්තර් අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැකසේ. ඒ අනුව යෝජිත තිරසර සංචාරක ගමනාන්ත 09 කඩිනමින් සංවර්ධනය සදහා වෙන් වෙන් වශයෙන් අන්තර් අමාත්‍යාංශ කමිටු පත් කිරිමටත්, එම කමිටු සංචාරක අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණය කර සංවර්ධන කටයුතු කඩිනම් කිරිමටත් පියවර ගෙන ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ ජෛව විවිධත්ව මුල්‍යකරණ ව්‍යාපෘතියේ සහාය ඇතිව දිවයින පුරා සංචාරක ගමනාන්ත 09 තිරසර සංචාරක ගමනාන්ත ලෙස කඩිනමින් සංවර්ධනය කිරිමට හදුනාගෙන තිබේ. සීගිරිය තිරසර ගමනාන්තය, පිළිකුත්තුව දේශීය උරුම ගමනාන්තය, වනාතවිල්ලුව ගංගේවාඩිය ගමනාන්තය, එල්ලාවල ඇල්ල ස්වාභාවික ගමනාන්තය, වවුල්පනේ හුණුගල් ගුහාව, ඩෙල්ෆ් දූපත, මදුනාගල උණුදිය උල්පත්, පානම ප්‍රජා ගම්මානය, මිහින්තලේ එම ගමනාන්ත 09යි. සිගිරිය හා යාල ප්ලාස්ටික් භාවිතයෙන් තොර පළමු පරිසර හිතකාමි තිරසර සංචාරක කළාප ලෙස සංවර්ධනය කිරිමට ද තෝරාගෙන තිබේ.

වනාතවිල්ලුව ගංගේවාඩිය හා වවුල්පනේ හුණුගල් වාඩිය සංචාරක ගමනාන්ත සංවර්ධනය සදහා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදනවලට අමතරව පරිසර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ලබාදීමට ද දැනටමත් එකග වී ඇතැයි ඇමතිවරයා කියයි. ඩෙල්ෆ් දූපත සංවර්ධනය සදහා උතුරු පළාත් සභාව එකගතාව පළ කර ඇති අතර පරිසර අමාත්‍යාංශය සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා කියයි.