Political fact / දේශපාලන කතාබහ

0
පාර්ලිමේන්තුවේ අය වැය විවාදය අවසානයේදී කතානායකවරයා විසින් ලබාදෙන රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට සමගි ජන බලවේගයේ මන්තී‍්‍රවරු සහභාගීවූයේ නැත. ඒ වෙනුවට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස විසින් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු වෙනුවෙන් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සූදානම් කර තිබුණි.
කතානායකවරයාගේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට සහභාගී නොවීමට ගත් තීරණය ගැන සියල්ලෝම සිටියේ පොදු අදහසකය. ඒ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි නම් කතානායකවරයාගේ රාත‍්‍රි භෝජන සංග‍්‍රයත් අවශ්‍ය නැති බවය.
‘‘කතානායක හරියට ආණ්ඩුවේ කතානායක වගේනේ වැඩ කරන්නේ. එයාට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි නම් අපි ඩිනර් එකට යන්න ඔ්නත් නෑ’’එස්.එම්. මරික්කාර් කීවේය.
‘‘ආණ්ඩු පක්ෂයේ සංවිධායක නැගිටලා මොනවා හරි කියපු ගමන් කතානායකගේ තීරණයත් රිවස් වෙනවා. දැන් කතානායකත් ආණ්ඩුව වගේම තමයි. රිවස් ආණ්ඩවුට හරියන රිවස් කතානායක කෙනෙක් ඉන්නේ’’ගයන්ත කරුණාතිලක මන්ත‍්‍රීවරයා කතානායකගේ තීරණ ගැන අපූරු විග‍්‍රහයක් කළේය.
මන්ත‍්‍රීවරු අසුන්ගෙන සිටි මේසයෙන් මේසයට ගිය සජිත් ඔවුන් සමග දීර්ඝ වේලාවක් කතා කරමින් සිටියේය. බොහෝ දේශපාලන කරුණු ගැන ඔහු කතා කළේය.
‘‘මහලේකම්තුමා අර සාකච්ඡුා ටික කොහොමද?’’සජිත් ඇසුවේය.
‘‘මට දැන් කට්ටිය හොර හොරාට කතා කරනවා. මමත් එක එක තැන් දාගෙන ඒ අය හමුවෙනවා’’මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.
‘‘ඒකේ ඩීටේල් අපිටවත් දැන්ම කියන්න එපා. අවශ්‍ය අවස්ථාවේදී අපි අවශ්‍ය දේවල් කරමු’’සජිත් කීවේ රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා දෙසට හැරෙමිනි.
‘‘අපි අර අය හමුවෙන එකත් ඉක්මනට දාගනිමු. කණ්ඩායම් වශයෙන් හමුවෙමු’’සජිත් රාජිතට යෝජනා කළේය.
ඒ මේසයේ සිටි අනෙක් මන්ත‍්‍රීවරු එකිනෙකාගේ මුහුණු බලන්නට වූයේ මේ රහස් සාකච්ඡුා මොනවාදැයි ප‍්‍රශ්ණ කරන්නට මෙනි.
‘‘ආණ්ඩුවේ කළකිරිලා ඉන්න මන්ත‍්‍රීවරු ඉන්නවා. ඒ අයට අපිත් එක්ක එකතුවෙන්න පාරක් හද්නන ඔ්න. මහලේකම්තුමා ඒ වැඩකටයුත්ත කරගෙන යනවා. සිවිල් සංවිධාන එකතු කරගැනීමේ වැඩේ රාජිත සේනාරත්න ඇමැතිතුමා කරගෙන යනවා’’සජිත් පැහැදිළි කළේය.
මාධ්‍ය සාකච්ඡුා සජබ කාර්යාලයට
පසුගිය සතියේදී පක්ෂයේ මාධ්‍ය සාකච්ඡුා සියල්ල පැවැත්වුනේ සමගි ජන බලවේගය කාර්යාලයේය. මෙම මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීම ගැන සාකච්ඡුා කරන අතරවායේදී මන්ත‍්‍රීවරුන්ට ලැබුණු ආරංචියකින් කියවුනේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කර ඇති බවය.
ඒ අතරම තවත් ටික වේලාවකින් දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බවය.
මේ සමගින් සජිත් සූම් සාකච්ඡුාවක් කැදවූයේ ඇතිවන දේශපාලන තත්වය ගැන සාකච්ඡුා කිරීමටය.
‘‘එකවරම පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීම පිටුපස සැගවුණ න්‍යායපත‍්‍රයක් තියෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග මුදල් කාරක සභාව, කෝප් කමිටුව, කෝපා කමිටුව අහෝසි වෙනවා. පසුගිය කාලයේදී සිදුවන සීනි බදු වංචාව ගැන මුදල් කාරකසභාව තමයි කරුණු අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණේ. මුදල් කාරක සභාවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත‍්‍රීවරයේක නෙමෙයි. ආණ්ඩුවේ ඉන්න අනුර ප‍්‍රියදර්ශන යාපා ඇමැතිවරයා තමයි එහි සභාපතිවරයා විදියට කටයුතු කරන්නේ. මේ අය සොයා ගත් සීනි බදු වංචාව දැන් කෝපා කමිටුවට ඇවිත් තියෙනවා. දැන් සීනි බදු වංචාවේ වාර්තාව සභාගත කරන්න බෑ’’සජිත් දීර්ඝ පැහැදිළිකිරීමක් කළේය.
‘‘පාර්ලිමේන්තුවේ සැසිවාර අවසන් කළත් හදාගෙන ගිය වාර්තා සියල්ලම සභාගත කරන්න අවස්ථාව දෙන්න කියලා පොදු එකගතාවයක් ඇතිකරගනිමු. ඒ කමිටුවල සිටි අයම මේවාට යළිත් පත් කළොත් පහසුවෙන් ඉතිරි වැඩ ටික අවසන් කරගන්න පුලුවන්’’හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයා අලුත් යෝජනාවක් කළේය.
‘‘ආණ්ඩුවේ අයම තමයි රාජපක්ෂලාගේ හොරකම්වලට විරුද්ධව කතා කරන්නේ. දැන් හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීතුමාලා, අපි මුදල් කාරක සභාවේ ඉදලා සීනි වංචාව ගැන කරුණු අනාවරණය කරගත්තා. සීනි බදු වංචාවට හවුල් වුන කෙනා ජනාධිපතිවරයාට සිංගප්පූරු එක්කගෙන ගියා කියලා තමයි සමාජ මාධ්‍යයේ කතා වෙන්නේ’’මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා කීවේය.
‘‘මේ හොරකම් වහගන්න තමයි සේරම දේවල් කරන්නේ. ඒවා යට යන්න නොදී ඉදිරියට ගැනීමට අපි අවශ්‍ය කටයුතු කරන්න ඔ්න’’ජේ.සී. අලවතුවල මන්ත‍්‍රීවරයා කීවේය.
‘‘ආයෝජන මණ්ඩලයේත් ප‍්‍රශ්ණ ගොඩක් තියෙනවා. ඒවා කෝප් එකේ ඇදෙන්න තිබුණා’’ එරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා කීවේ ජනාධිපතිවරයාගේ තීරණය නිසා අහෝසිවී යන කෝප් කමිටුව ගැනය.
‘‘ආයෝජන මණ්ඩලයට ලොක්කෝ ටිකක් බදවාගෙන ඒ අයට ලක්ෂ ගණනක් වැටුප් දීලා. මේ ගැන කෝප් කමිටුවේ සොයා බැලුවා. රුපියල් කෝටි 335ක මුදලක් වියදම් කරපු ආකාරය ගැන කෝප් කමිටුවේදී ප‍්‍රශ්ණ කළා. ඒවාට කෝප් කමිටුවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය කැමැති වුනේ නෑ’’සජිත් සැගවුණ කරුණක් අනාවරණය කළේය..
‘‘ඒ ගැන විමර්ශණය කරන්න එපා කියලා කෝප් කමිටුවට තර්ජනය කරන්න තරම් මේ අයට හයියක් ලැබුණේ කොහොමද කියලා අපි සොයා බලන්න ඔ්න’’ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත‍්‍රීවරයා කීය.
‘‘මෙච්චර වියදම් කරලා ආයෝජන මණ්ඩල ආයෝජකයෝ අරගෙන ඇවිත් තියෙනවාද? ආයෝජකයින්ගෙන් කොමිස් සහ කප්පම් ගන්න ගියපු නිසා ආයෝජකයෝ එන්නේ නෑ. ඒ වගේම තමයි ශ්‍රේණිගතකිරීම්වලින් ලංකාව පහළ වැටිලා’’සජිත් කීය.
සජිත්ගෙන් නීති ආධාර
ගෑස් සිලින්ඩරයක් පුපුරායාම නිසා සිව් දරු මවක් මිය යාම ගැන තොරතුරු ලැබුණ වහාම සජිත් ඒ ගැන සොයා බැලුවේය. විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඔහු පක්ෂයේ නීතීඥ කණ්ඩායමක් කැදවූවේය.
‘‘දැන් රට පුරාම ගෑස් ලිපි පුපුරනවා. ටැංකි ලීක් වෙනවා. ගියසතියේදී දරුවෙක් ගෑස් පුපුරනවාට බයේ උඩ තට්ටුවකින් පැනලා කකුලක් කඩාගෙන තිබුණා. දැන් අම්මා කෙනෙක් මිය ගිහින්. මේවාට අපි මැදිහත් වෙන්න ඔ්න. මේවාට විරුද්ධව නීතිමය පියවර ගන්න ඔ්න. ඒ වෙනුවෙන් ජනතාවට අවශ්‍ය නීතිමය ආධාර ලබාදෙමු’’සජිත් යෝජනා කළේය.
‘‘ඒ වෙනුවෙන් ලංකාවේ ඔ්නම තැනකදී නීතිමය සහාය දෙන්න නීතීඥ කණ්ඩායමක් රට පුරාම සූදානම් කරන්නම්’’ ජනාධිපති නීතීඥ තිසත් විජයගුණවර්ධන එම වගකීම කරට ගත්තේය.
‘‘ගෑස් ප‍්‍රශ්ණයට පාරිභෝගික කටයුතු ඇමැතිවරුන්ට දෙන්න උථ්තර නෑ. කොමිටි දාන එකද ආණ්ඩුවේ විසදුම වෙන්නේ. ඒ නිසා වන්දි ලබාගැනීමට අවශ්‍ය සියලුම නීතිමය සහාය ලබාදෙමු. ඒ සදහා අවශ්‍ය තොරතුරු පක්ෂ මූලස්ථානයට ලබාදෙන ක‍්‍රමවේදයක් හදන්න’’සජිත් උපදෙස් දුන්නේය.