Political fact / දේශපාලන කතාබහ

0
පාර්ලිමේන්තු වර්ජනය වුණාට කැන්ටිම වර්ජනය නොවූ හැටි …
නිවස සංවර්ධන අමාත්‍යාංශයේ හා සංචාරක අමාත්‍යාංශයේ  වැය ශීර්ෂය සම්බන්ධයෙන් වු විවාදය පැවැත්වුනේ ඉකුත් හය වැනිදායි. මෙම විවාදය පැවැති දිනයේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කර තිබිණි. මේ වර්ජනය අතරතුර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු  කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ කැන්ටිමට පැමිණ සිටියේ දහවල් ආහාරය ගැනිමටයි. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු කැන්ටිමට ගිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් දුටු සැනින්
‘” ආ….ඔයාලා කැන්ටිම වර්ජනය කරලා නැහැ නේද” ඇසිය.
‘කෑම වර්ජනය කරලා බැහැනේ ” විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ද සිනහමුසුව පැවසීය.
‘බොරු වැඩ නොකර යමු.. යමු.. සභාවට “යි ජොන්ස්ටන් ඇමැතිවරයා ඒ මන්ත්‍රීවරයාට කී විට විපක්ෂයේ මන්ත්‍රීවරයා ‘අද බැහැ. අපි එළියෙනේ අද වැඩ” යි කීවේය.
‘අද නිවාස සංවර්ධන අධිකාරයේ වැය ශීර්ෂයේ විවාදය තියෙන නිසා නේද ඔයගොල්ලෝ මේ උද්ඝෝෂණය කරන්නේ. ඔයාලාට දෙන්න උත්තර නැති වෙන දවස නේ”  යි එම කතාවට හවුල් වෙමින් සංචාරක අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතාද කීවේය.
ප්‍රසන්න ඇමැතිවරයාගේ මුහුණ දෙස එක එල්ලේ බැලූ විපක්ෂයේ මන්ත්‍රීවරයා  පසුව ප්‍රසන්න ඇමැතිවරයාගේ පිටට තට්ටුවක් දමමින් “ගිහින් එන්නම්” යැයි කියා එතැනින් පිටත් විය.
“මිනිහා හෙන කල්පනාවේ ගියේ” ජොන්ස්ටන් ඇමතිවරයා කීවේය.
“ලොක්කා නිවාස සංවර්ධන අධිකාරායේ  විවාදය මග අරින්න ප්ලෑන් කළා කියලා මිනිහාටත් තේරුනේ දැන් මම හිතන්නේ” ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාද එතැනින් පිටව යන විපක්ෂයේ මන්ත්‍රීවරයා දෙස බලමින් කීවේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන යන පාර්ලිමේන්තුව වර්ජන කිරීමේ ක්‍රියාදාමය දහවල් ආහාර ගනිමින් සිටි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ  මාතෘකාව බවට පත්විය.
“ඇත්තටම මේ සිද්ධියේදී මනූෂ තමයි වැරදිකාරයා.  කතානායකතුමාට තර්ජනය කළේ මනූෂ. ඒත් දැන් මේ අය උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා අදහසක් ජනතාව අතරටයි ජාත්‍යන්තරයටයි යවන්න” ජොන්ස්ටන් ඇමතිවරයා කීය.
‘පහුගිය කාලයෙ නිවාස සංවර්ධන අධිකාරයේ සිදුවුනු දූෂණ චෝදනා ගොඩක් අපි ළග තියෙනවා. ඒවා හෙළි කරන්න අවස්ථාව ලැබෙනකල් අපි බලන් හිටියේ. ” නිවාස රාජ්‍ය  අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ඊට පිළිතුරු දුන්නේය.
“ඕක තමයි මේ වර්ජනය පිටුපස ඇත්තම කතාව.” සජිත් කැමැති නැහැ තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙනවාට”.ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීය.
“හානිවෙන්න තරම් ප්‍රතිරූපයක් තියෙනවාද” ඉන්දික අනුරුද්ධ නැවතත් ප්‍රශ්න කළේය.
“එහෙම හිතන්න එපා. ප්‍රතිරූපයක් නැහැ කියලා සජිත් දන්නවා. ඒ වුනත් අනාගත ජනාධිපති හීනයට යන්න යන ගමනේදී පරණ වැරදි එළියට ඇවිත් කතාබහක් ඇති වෙන එක මේ වෙලවේ අවාසියි කියලාත් සජිත් දන්නවා” නැවතත් ප්‍රසන්න රණතුංග කීවේය.
“දැන් මනූෂ උත්සාහ කරන්නේ කතානායකවරයා පක්ෂපාතී බවක් ඔප්පු කරන්නයි. ”  ජොන්ස්ටන්  අමාත්‍යවරයා නැවත කීය.
ඉකුත් අගහරුවාදා ජීවනෝපාය කමිටු රුස්වීම පැවැත්වුනේ මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී සැම මන්ත්‍රීවරයෙක්ම ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් එකින් එක සාකච්ඡා කිරිමද විශේෂත්වයකි. යෝජනා මෙතෙක් ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන්ට හැකි ඉක්මනින් සිය යෝජනා ඉදිරිපත් කරන ලෙසද මුදල් ඇමැතිවරයා එහිදි  උපදෙස් දුන්නේය.
සමහර මන්ත්‍රීවරු ජිවනෝපාය කමිටුවෙන් දුන් උපදෙස් අනුව ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් නොකිරීම ගැනත් එහිදී සාකච්ඡා වූ අතර ඉදිරි වසරේ රටේ කුමන තත්වයක් ඇති වුවත් ජිවනෝපාය සංවර්ධන යෝජනා කඩිනමින් නිසිකලට අවසන් කිරිමට වගබලාගන්නා ලෙසත් මුදල් ඇමැතිවරයා මන්ත්‍රීවරුන්ටත් නිලධාරීන්ටත් අවධාරණය කලේය.
මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පහරදීමට
පසුගිය සතියේදී පාර්ලිමේන්තුව උණුසුම් වූයේ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාට පහරදීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් සූදානම්වීමත් සමග විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුවීම නිසාය.
පසුගිය සිකුරාදා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගනිමින් තිබුණි. සමගි ජන බලවේගය වෙනුවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරම්බක කතාව කළ අතර අවසන් කතාව කිරීමට නියමිතව සිටියේ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාය. මනුෂ කතාව ආරම්භ කරන විට කතානායකවරයා සභාවේ අනුමැතිය ගත්තේ නියමිත කාලයෙන් පසුවත් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමටය. ඒ අනුව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ මැදිහත්වීමෙන් මනුෂට විනාඩි දහ අටක කාලයක් ලබා දුන්නේය.
එහෙත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පසුව නැගී සිටිමින් මනුෂගේ කතාව නතර කරන ලෙස ඉල්ලා සිටි විට කතානායකත් තමන්ගේ තීරණය රිවස් කරගනිමින් මනුෂගේ කතාව නතර කරන ලෙස දැනුම් දුන්නේය.
ඒ වන විට මනුෂගේ පුද්ගලික ජීවිතය අලලා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රිවරු අපහාසාත්මක ප‍්‍රකාශයක් කිරීමට යාමත් සමග මනුෂ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට රිදෙන උත්තරයක් දී තිබුණි. ඒ උත්තරයෙන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමැතිවරයාට කට උත්තර නැතිව ගිය අතර ඔහු තරමක ආවේගයෙන් යුතුව සිටියේය.
කතානායකවරයා හදිසියේම තමන්ගේ කතාව නතර කිරීමත් සමග මනුෂ පාර්ලිමේන්තු ලේකම්වරුන් සිටින තැනට ගියේ තමන්ගේ කතාව හදිසියේ නතර කළේ කුමන හේතුවක් නිසාදැයි විමසීමටය. එතැනට වේගයෙන් පැමිණියේ ජොන්ස්ටන්ය.
‘‘උඹ මගේ පුද්ගලික ජීවිතය ගැන කතා කරන්නේ කොහොමද’’ ජොන්ස්ටන් ඇසුවේ දැඩි කේන්තියකිනි. ඒ සමගම කංචන විජේසේකර රාජ්‍ය ඇමැතිවරයා එතැනට පැමිණ මනුෂ තල්ලු කළේ ගැටුමකට අර අදිමිනි. එතැන සිටි හර්ෂ ද සිල්වා මන්ත‍්‍රීවරයාත් පාර්ලිමේන්තු සේවකයෙකුත් නොවන්නට මනුෂ කතානායක පුටුව ළග ඇද වැටන්නට තිබුණි.
කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයාගේ බහට අවනත වෙමින් පාර්ලිමේන්තුවේදී තීන්දු තීරණ දෙන බවට විපක්ෂය චෝදනා කරද්දී පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් විය.
සෙනසුරාදා දිනයේදිත් සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වෙමින් තිබුණි. එදිනටත් මනුෂට කතාවක් වෙන් කර තිබුණේය. කලින් දිනයේදී සිදුවූ සිද්ධිය ගැන පැහැදිළි කිරීමක් කළ මනුෂ සුපුරුදු පරිදි තමන්ගේ කතාව කරගෙන ගියේය.
ධීවර අමාත්‍යාංශයේ සිදුවූ වංචා දූෂණ ගැන අනාවරණයක් කරන විට කංචන විජේසේකර ඇමැතිවරයා  තමන්ගේ පුටුවෙන් නැගී සිටිමින් කතාවට බාධා කරන්න විය. මනුෂ තමන්ගේ කතාව අවසන් කරන විට දිවා විවේකය සදහා පැය භාගයකට සභාව කල් තැබුවේය. මනුෂගේ කතාව අවසන් කරන විටම ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිටව යන ලොබියට පැමිණියේ කංචනය. ඒ තවත් මන්ත‍්‍රීවරු පහලොස් දෙනෙක් පමණ කැටුවය.
‘‘වරෙන් මනුෂ එළියට… වරෙන් මනුෂ’’
‘‘වරෙන් මනුෂ එළියට… වරෙන් මනුෂ’’ යැයි කියමින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිටව යන දොරටුව අසල ඔවුන් සිටින විට ජේ.සී අලවතුවල මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක් ගොස් කංචන එතැනින් පිටත් කර හැරීමට උත්සාහ ගත්තේය. එහෙත් ඔහු එතැනින් පිටත්ව ගියේ නැත.
‘‘පාර්ලිමේන්තුව තියෙන්නේ අදහස්වලින් ගහගන්න මිසක් අතින් පයින් ගහගන්න නෙමෙයි. මම ඒ අය මග හැරලා යන්නම්’’ කී මනුෂ කතානායකවරයා පිටව යන දොරටුවෙන් පිටත්ව තුන්වැනි මහලේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට ගියේය.
විපක්ෂ නායක ලේකම් රවි ජයවර්ධන ඇතුළු පිරිසක් එතැන සිටියේය. විපක්ෂ නායක කාර්යාලයේ සිටිමින්ම සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාසට ඔහු දුරකතන ඇමතුමක් ගත්තේය. ඇතිවූ සිද්ධිය ඔහු පැහැදිළි කළේය.
‘‘එහෙම අපේ මන්ත‍්‍රීවරුන්ට අතින් පයින් ගහන්න ඉඩ දෙන්න බෑ. මම අපේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කරනවා’’ යැයි සජිත් කීවේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පක්ෂයේ නායකයින් සමග ඒ අවස්ථාවේදීම සාකච්ජාවක්  පැවැත්විය යුතු බව කියමිනි.
මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු, එස්.එම්.මරික්කාර්, ඇතුළු කණ්ඩායම දුරකතනයෙන් කතා කරමින් ගත යුතු ඉදිරි පියවර ගැන සාකච්ඡුා කළේය. ඒ වන විට කිරිඇල්ල මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තුව තුළ සිටි අතර ඔවුන් සමගත් සාකච්ඡුා කරමින් පාරි්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයකට පැමිණියේය.
මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර
‘‘මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු අපි පාර්ලිමේන්තුව වර්ජනය කරනවා’’ කිරිඇල්ල කියුවේ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවෙන් එළියට රැගෙන එමිනි.
පාර්ලිමේන්තු පිවිසුම අසලට පැමිණි මන්ත‍්‍රීවරු විරෝධතාවයක් දක්වමින් පිටත්ව ගියේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාරලිමේන්තුව වර්ජනය කරන බව පවසමිනි.
සූම් සාකච්ජා 
පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණය ගැනීමෙන් පසුව සජිත් ඇතුළු මන්ත‍්‍රීවරු සූම් සාකච්ඡුාවක් පවත්වමින් ගන්නා ඉදිරි පියවර ගැන සාකච්ඡුා කළේය. ‘‘සදුදාට තියෙන්නේ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂය. මේ ආණ්ඩුව ජනතාවට නිවාස ලබාදෙනවා කියලා කරපු බොරුව අපි අනාවරණය කරන්න හිටියා. ඒ වෙනුවෙන් අපි වෙනත් අවස්ථාවක් ගන්න ඔ්න’’ ඉමිතියාස් බාකීර් මාකාර් මන්තී‍්‍රවරයා යෝජනා කළේය.
‘‘අපි විපක්ෂයේ පාර්ලිමේන්තුව විදියට අපේ අදහස් දිරිපත් කරන්න සමගි ජන බලවේගය කාර්යාලයේදී අඛණ්ඩ ප‍්‍රවෘත්ති සාකච්ඡුා පවත්වමු’’ හරින් යෝජනා කළේය
ඒ අනුව පාර්ලිමේන්තුව වර්ජනය කළ මන්ත‍්‍රීවරු සමගි ජන බලවේගය කාර්යාලයේ සිට සිය අදහස් ඉදිරිපත් කිරීමට තීරණය කළහ. එහෙත් එයට පෙර පාර්ලිමේන්තුවේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක් දැක්වීමටද එම සූම් සාකච්ඡුාවේදී තීරණය විය.
‘‘මම සේරම විරෝධතා පුවරු ටික එවන්නම්’’හරින් පැවසුවේය.
ඒ අනුව සදුදා උදෑසන මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු භෝජනාගාරයට ගොස් එක්වී විරෝධාතවයට පැමිණීමට සාකච්ඡුා විය. එතැන් සිට මන්ත‍්‍රීවරු පහළට එන අතරවාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ තමන්ගේ මෝටර් රථයෙන් බැස ඉදිරියට පැමිණියේය. ඔහු සාමාන්‍යයෙන් පැමිණෙන්නේ මන්ත‍්‍රී පිවිසුමෙන් නොව කතානායකවරයා පාර්ලිමේන්තුවට පිවිසින ප‍්‍රධාන දොරටුවෙන්ය.
‘‘විරෝධතාවයට තවත් ටිකක් එකතු කරගන්න ඔ්න නේ’’මහින්ද තමන්ගේ සුදුපුරුදු දේශපාලනය දිරියට ගත්තේය.
‘‘අපේ ඉන්න මන්ත‍්‍රිවරු හැමෝම මෙතැන එනවා’’ ඉමිතියාස් කෙටියෙන් පිළිතුරක් දුන්නේය.
‘‘අපිට ඕන නම් පොහොට්ටුවේ කළ කිරිලා ඉන්න අයටත් එන්න කියන්න තිබුණා. හැබැයි අපි ජනතාව අපිට දුන්න මන්ත‍්‍රීවරුන්ගෙන් තමයි මේ දේවල් කරන්නේ’’ මහින්ද ගිය පසුව මන්ත‍්‍රීවරයෙක් කීවේය.
පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවය දැක්වූ මන්ත‍්‍රීවරු ගියේ සමගි ජන බලවේගය කාර්යාලටය. පාර්ලිමේන්තුවේදී දැක්වීමට නියමිතව තිබූ අදහස් සියල්ල මාධ්‍ය ඉදිරියේ ඉදිරිපත් කළේ ආණ්ඩුවේ නිවාස වැඩපිළිවෙල පුස්සක් බව පෙන්වමිනි.
අගහරුවාදා දිනයේදීත් විරෝධතාවයක් පවත්වා පාර්ලිමේන්තුව වර්ජනය කරන විට ආණ්ඩුවත් එන තත්වය හොද නැති බව තේරුම් ගෙන තිබුණි. ආණ්ඩුවේ මැති ඇමැතිවරු රැසක්ම මනුෂට සහ විපක්ෂයේ නායකයින්ට කතා කර තිබුණේ යළිත් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට ඉල්ලීම් කරමිනි. ඇතැම් නායකයින් කතා කර තිබුණේ ආණ්ඩුවේ හැසිරීම් ගැන කළකිරීම් සහගතවය.
ජාත්‍යන්තරයට ලිපි දෙකක්
මේ අතර කිරිඇල්ල මන්ත‍්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් පාර්ලිමෙ9්න්තුවේ ඇතිවී තිබෙන තත්වය ගැන අන්තර් පාර්ලිමේනක්තු සංගමයට සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ිලේම්නතු සංගමයට ලිපියක් මගින් දැනුම් දීමට අවශ්‍ය පියවර ගත්තේය.
සජිත්ටත් කිරිඇල්ලටත් කතා කළ ආණ්ඩුවේ ප‍්‍රලයින් කිහිපදෙනෙක් නැවත නැවත ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ රැුස්වීම්වලට සහභාගී වන ලෙසය. මේ අතර කතානායකවරයා සාකච්ඡුාවකට එක්වූ අවස්ථාවේදී  කතානයකවරයා ඉල්ලා සිටියේ පාර්ලිමේ්න්තු සැසිවාරවලට සහභාගී වන ලෙසය.
‘‘විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට අතින් පයින් පහරදෙන තත්වයක් අතැිවෙලා තියෙනවා නම් ඒක බරපතලයි. ඔබතුමා ආණ්ඩුවේ කතානායක නෙමෙයි. ආණ්ඩවෙ වගේම වික්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ අයිතිවාසකම් ආරක්ෂා කරලා දෙන්න ඉන්න කතානායක ඔබයි’’කිරිඇල්ල පැහැදිළි කළේය.
‘‘මේ ගැන සොයන්න මම ආණ්ඩුවෙන් වගේම විපක්ෂයේ නායකයින් එකතු කරලා කමිටුවක් දානවා’’ කතානයක සහතිකයක් දුන්නේය.
‘‘කමිටුවක් දානවා කිය කිය ඉන්නේ නැතිව කමිටුවට පත් කරන අය පත් කරන්න. මින් දිරියට මේ වගේ තත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න’’සරත් ෆොන්සේකා කළ ඉල්ලීමට කතානයකවරයා එකගත්වය පළ කළේය.
කතානායකවරයාත් නැවත නැවත කළ ඉල්ලීම් හමුවේ අවසානයේදී සමගි ජන බලවේග තීරණය කළේ පාර්ලිමේන්තු යාමටය.
‘‘ආණ්ඩුවට ඒකාධිපති ආකාරයට කටයුතු කරන්න බෑ කියලා දැන්වත් තේරුම් ගන්න ඔ්න. සමගි ජන බලවේගයට ඉන්න මන්ත‍්‍රීවරුන්ගෙන් කරන්න පුලුවන් දේ ගැන ආණ්ඩුව දැන්වත් තක්සේරුවක් ඇතිකරගත්තොත් හොදයි’’සජිත් කීවේ පාර්ලිමේන්තුවට නැවත යාමේ තීරණය ගැන සදහන් කරමින්ය.
සජිත් ප‍්‍රියන්ත කුමාරගේ ගෙදරට
පකිස්තානයේදී අන්තවාදීන්ගේ පහරකෑමට ලක්ව මිය ගිය ප‍්‍රියන්ත කුමාරගේ නිවසට සජිත් ගියේ සදුදා උදෑසනය. ඔහුගේ බිරිදට සහ දරුවන්ට සිය කණගාටුව ප‍්‍රකාශ කළ ඔහු ප‍්‍රියන්ත වෙනුවෙන් කළ හැකි සියලුම දේ කිරීමට සහතිකයක් දුන්නේය
‘‘ප‍්‍රියාන්ත මහත්මයාගේ ඝාතකයනි්ට එරෙහිව පකිස්ථාන ආණ්ඩුව නීතියක ක‍්‍රියාතම්කකරනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ ඝතානය සමගි ජන ලවේගය හෙළා දකිනවා විතරක් නෙමෙිය ඔහුට සාධාරණය ඉටු කිරීම සදහා ගත හැකි සෑම පියරවක්ම ගන්නවා’’සජිත් සහතිකයක් දුන්නේය.
පසුගිය සතියේදී හම්න්තොටට ගිය සජිත් ගොවීනගේ පොහොර ගැනටුව ගැන තවදුරටත් සොයා ැලුවේය.
‘‘දැන් පොහොර දොහැරීමත් හමුදාපතිවරයාට භාරදීලා. තව ටික දවසකින් මොළ හතේ මුදල් ඇමැතිතුමාට අමාත්‍යාංශ කරන්න බෑ කියලා ඒකත් හමුදාපතිතුමාට දේවිද දන්නේ නෑ. වෙළද ඇමැතිතුමාට ගෑස් විකුණන්න බෑ කියලා ඒකත් හමුදාපතිවරයාට දෙන්න පුලුවන්.’’ සජිත් කීවේ උපහාසයෙන් යුතුවය.
සසුනට අරුණ වැඩසටන යටතේ බූන්ද දහම්පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය සජිත් රටේ ආර්ථියේ තත්වය ගැන අවධානය යොමු කළේය.
‘‘දිරි මාස දෙක තුන රටට තාමත් තීරණාත්මකයි. අවාසනාවන්ත විදියට රට රපතල අවිනිශ්චදිතතාවයකට පත්වෙමින් යනවා. අද ආණ්ඩවුට ලෝකය දිරියේදී ඩොලර් ඉල්ලා දණ ගැසීමට සිදුවෙලා. ේම ඛේදවාචකය ආණ්ඩුව තවම අවා්ධ කරගෙන නෑ’’සජිත් කීවේ ආණ්ඩුව තමන්ගේ ජගජ මිතුරන්ගේ සාක්කු තර කරන නමුත් ආයෝජකයින් ගෙන්වා ගැනීමට ඇති අසමත්කම ගැනත් කරුණු පැහැදිළි කරමිනි.