Political fact / දේශපාලන කතාබහ

0
By: අශන්ති වරුනසුරිය  
ආණ්ඩුව තුල ඇතිවී තිබෙන අර්බුදය
පොදුජන පෙරමුණේ සමුළුව පසුගියදා පැවැත්විය. ආණ්ඩුව තුල ඇතිවී තිබෙන අර්බුදය නිසාම මහින්ද  කට්ටියගේ ඔලු හදන්න ඔහුගේ කතාව ඔහු විසින්ම සකස් කර ගත්තේය. කතාව අසා සිටි සියල්ලෝම මහින්ද ලොක්කගේ කතාවෙන් පසු වෙනස්වූ බවක් දක්නට තිබිණි.
කතාව කාලෝචිතයි.. එක හොද කතාවක්. මෛත්‍රිපාල සිරිසේන පවසා ඇත. අගමැතිගේ කතාව ගැන විමල් දයාසිරි කතා කරලා තියෙන්නේ මහින්දගේ කතාව ගැන… ලොක්කගේ කතාව මරු නේද ? ඔව් ඉතින් අපි හැමදාම මහින්ද ලොක්කගේ කතාවට අහු වෙනවා .. මෙලෙස විමල් දයාසිරි අතර සංවාදයක් සිදුවී ඇත.
පවතින තත්ත්වය හමුවේ වී ගොවීන් ඇතුලු සෙසු ගොවීන්ට ද ගැටලුවකින් තොරව අවශ්‍ය පොහොර ඉක්මනින් ලබාදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොහොර ප්‍රශේනෙට අත දමමින් පැවසුවේය. රසායනික පොහොර ගෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා අනුමැතිය ලබාදීම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් කරමිනි. කෘෂි වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාදයකින් තොරව ලබාදීමට කඩිනම් පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දැනුම්දීමක් ද කර තිබිණි.
 ආණ්ඩුවේ දෙදරා යාම / ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කිරීම
ඉකුත් සතියේ දේශපාලන වේදිකාවේ තිරයේ පසුපස සිදුවූ සිදුවීම් ගැන කතා කිරීමේදී මේවන විටත් රටේම කතාව ආණ්ඩුවේ දෙදරා යාම ගැන. ආණ්ඩුවේ කැරලිකාර කණ්ඩායම ලෙස වාසු උදය විමල් ඇතුළු කණ්ඩායම සමඟ ආණ්ඩුවේ ඇති වී තිබෙන ගැටුම උත්සන්න වෙමින් රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කලකිරුණු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු ලබන සතියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ. ජනාධිපතිවරයා හමුවී සාකච්ජා කිරීමෙන් පසුව තමන් ඉදිරියට ගනු ලබන බවයි එම ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
කොහොම වුනත් මෙසේ කියවෙන කතා අතරේ මෙම අමාත්‍යවරයා අලිසබ්රි යැයි කියවිණි. එලෙස කියවෙන කතා වලට ප්‍රතිචාර දක්වමින් රජය සමග ගැටුම් ඇති කරගෙන රජයෙන් ඉවත්ව යාමට හෝ අධිකරණ අමාත්‍ය ධූරය අතහැරීමට හෝ තමාගේ කිසිදු සූදානමක් නොමැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි පැවසුවේය. ඇමැතිවරයා සඳහන් කරන්නේ රජය ගනු ලබන ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වුව ද ගැටුම්වලින් තොරව එම ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කරන බවය.
එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිත්වය සඳහා තම අනුදැනුමකින් තොරව ජනාධිපතිවරයා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇමැති අලි සබ්‍රි සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි පසුගිය සමයේ වාර්තා විය.
වාසුලා ආණ්ඩුවෙන් ඉවත්වෙන බව කියයි 
ඉදිරියේ දී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි ද ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව පවසමින් වාසුදේව පැවසුවේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන් ම බැසයෑමට සිදු වනු ඇති බවක්
ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරන අතර තමන් ප්‍රමුඛ අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගයක වන හෙයින් එය ආණ්ඩුවේ වැඩපිළිවෙළට නොගැළපෙන බව ද ආණ්ඩුව සමඟ සිටින සහෝදර පක්ෂ ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක බවත්  ඔහු කිවේය. එවිට ආණ්ඩුව තුළ සියලු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ සිටිය ද ඔහු දේශපාලනිකව අක්‍රීය වී ඇති බව වාසුදේව නානායක්කාර පැවසුවේය
SJB ඇතුලේ ප්‍රශ්ණ 
සිය මන්ත්‍රී වරු දැනුමින් සන්නද්ධ කිරීමේ වැඩපිළිවෙළක් සමගින් ජන බලවේගය ආරම්භ කොට තිබේ.එහි එක් පියවරක් ලෙස පසුගිය සති අන්තයේදී අගනුවරින් පිටව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ විශේෂ පුහුණු  වැඩමුළුවකට සහභාගි විය. දෙදිනක් පුරා පැවති මේ වැඩමුළුව වඩාත් ක්‍රමවත් ලෙස සංවිධානය කොට තිබුණේ විපක්ෂ නායක ලේකම් ලේකම් රවී ජයවර්ධන ගේ මූලිකත්වයෙනි.
සෙනසුරාදා උදෑසන නමයට වැඩමුළුව ආරම්භ වූ අතර පළමු දිනයේ එය සවස පහට අවසන් විය.සමගි ජන බලවේගය ජයග්‍රහණය කරා රැගෙන යාමේ උපාය උපක්‍රම රාශියක් එහිදී සාකච්ඡාවට ලක් කල අතර අනතුරුව රාත්‍රී සුහද හමුවක් පැවැත්විණි. එය මන්ත්‍රීවරුන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සකස් වී තිබූ අතර මන්ත්‍රීවරුන්ගේ මේසෙන් මේසේට ගොස් විපක්ෂ නායක සජිත් හමුව අවසන් වන තුරුම ඔවුන් සමඟ රැඳී සිටියහ.එහිදී
කාලීන දේශපාලන සංවාද වලින් මෙන්ම රසබර සිදුවීම් වලින් ද අඩුවක් නොවිණි. කතාබහ දිගින් දිගටම සිදුවන අතරේ දී මයික්‍රෆෝනය අතට ගත් මුජිබර් රහමන් මන්ත්‍රීවරයා ගීතයක් ගයන්නට පටන් ගත්තේය.ඔහු ගායනා කළේ ගුණදාස කපුගේ ගේ කදුලු මුතුවැල් සලා ගීතයයි.සිය ගීතය අවසන් කළ ඔහු ඉන් අනතුරුව ගීත ගයන්නට ආරාධනා කළේ සිය නායකයා ටය.සජිත් පළමු ගීතය ගයා අවසන් ව මයික්‍රෆෝනය දෙන්නට හදද්දි එතැන සිට මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ නැවතත් ගීතයක් ගායනා කරන්න ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව ආරාධනාව ලැබුණේ සරත් ෆොන්සේකාට ය.ඔහුත් ගීත දෙකක් ම ගායනා කළේ ය. ” සභාපතිතුමා දෙවැනි වටයට යවන්න පුළුවන්” යැයි කීවේ කිංස් නෙල්සන් ය.
හේශා විතානගේ සහ චමින්ද විජේසිරි ගීතයක් ගායනා කරන්නට සූදානම් වෙත්දී සිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා කැටුව ආ නලින් බණ්ඩාර “හේෂාගෙයි චමින්දගේයි සිංදුවට අපි නටනවා”කියමින් නර්තනය ආරම්භ කළේය.අශෝක් අබේසිංහ,ජේ සී අලවතුවල,තුෂාර ඉඳුනිල්,සහ නලින් බණ්ඩාර ඇත්වැල බැදගෙන නර්තනයක් ඉදිරිපත් කළේ එසේ ය.
මනූෂට ගීතයක් ගායනා කරන ලෙස මුජුබර් ආරාධනා කලත් මනුෂ ප්‍රතික්ෂේප කළේ තමන්ගේ හිත මිතුරා වූ හරින් එතැන නොසිටි නිසා යැයි තුෂාර ඉඳුනිල් කීවේය. ගයන්තට ගීතයක් ගායනා කරන ලෙස විශාල ඉල්ලුමක් ආවත් ඔහු එය ප්‍රතික්ශේප කොට සජිත් අසල වාඩිවී සිටියේය.
මහ ලේකම් රංජිත්ට ගීතයක් ගායනා කරන ලෙස ලද ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කළේ “මම සින්දු කිව්වොත් ලංකාවෙ ගායකයෝ සින්දු කියන එක නතර කරනවා” යැයි කියාය.
ඒ අතරතුර ජේසී හදිසියේම එතෙර සිටින සිය බිරිදට වීඩියෝ දුරකථන ඇමතුමක් ගෙන සුහද හමු විය යුතු සිදුවීම් ඇයටත් බලන්නට සැලැස්සුවේය. ඊට පසුදා සියලු දෙනාම පෙරවරු නමයට නැවත වැඩමුළුවට එක්වූ අතර විශේෂ දේශන තුනකින් එය අර්ථවත් විය. “මේ වගේ වැඩමුළු කීපයක් තිබුනනම් ආණ්ඩුව පෙරළන එක ටොයිස් වැඩක්” එහෙම කිව්වේ අශෝක් අබේසිංහ ය.
හරින් වැඩ ඇල්ලු හැටි
වත්තල ආසන සංවිධායක ලෙස අභිනවයෙන් තේරී පත්වූ  හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම යෙදී තිබුණේ පසුගිය සදුදා ය. වත්තල නගර මධ්‍යයේ සුවිසල් තට්ටු හතරක ගොඩනැගිල්ලක ඉහළ සිට පහළටම ඔහුගේ කාර්යාලය පිහිටා තිබුණේය.තොරතුරු සන්නිවේදන ශාලාවක්,රැස්වීම් ශාලා කිහිපයක්,කාර්යාල කාමර කිහිපයක්,සමීක්ෂණ ශාලාවක් ඇතුළු පක්ෂ කාර්යාලයක දකින්නට නොමැති තරම් අපූරු සහ නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතව ඔහුගේ කාර්යාලය ඉදිකොට තිබුණි.
පක්ෂ නායකකාරකාදීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර රැස්වීම පැවතියේ පක්ෂ කාර්යාලයටම යාබදව පිහිටා තිබූ බිම් මහලේ විශාල ඉඩ කඩක ය.ශාලාව කිරි ඉතිරී ගොස් ඉඩ මදි වන තරමට විශාල පිරිසක් එහි රැස්ව සිටි අතර රැස්වීම ආරම්භ වූයේ විශේෂ ආකාරයකිනි.
සජිත් සහ හරින් නිවේදකයාගේ ආරාධනාවෙන් වේදිකාවට ගොඩ වුණු අතර එම ස්ථානයේදීම සජිත් හරින්ට අදාල වත්තල ආසන සංවිධායක ලිපිය අත්සන් කොට ඔහු අතට පිරිහරින් ඉන්න අනතුරුව හරින් ඉන් අනතුරුව සිය නායකයා අතර තවත් ලිපියක් භාර දුන්නේය.ඒ ලිපිය කුමක්දැයි බොහෝ දෙනා අතර කසුකුසුවක් ඇතිවිය. නිවේදකයා ඒ කසුකුසුව දුරු කළේ ය.
“වත්තල ආසන සංවිධායකකම භාරගත්ත හරින් ප්‍රනාන්දු මහතා විපක්ෂ නායකතුමා අතට ලබා දුන්න ලිපියෙහි තියෙන්නෙ ඔහු දේශපාලනයෙන් සමුගන්නා බවට වන ප්‍රකාශය.” නිවේදකයා එහෙම කියද්දී මුළු සභාවම එකවිටම තුෂ්ණිම්භූත වූහ.
“ඇත්තටම ඔහු සමුගන්නේ ඔහුට අවුරුදු හැටක් පිරුණම. ඒ කියන්න තව දශක දෙකක් ඔහුට දේශපාලනය කරන්න පුළුවන්” පසුගිය සතියට යෙදී තිබුණු හරින්ගේ උපන්දින කේක් ගෙඩියද කපනු ලැබුවේ ඒ වේදිකාවේ සිට ම සජිත් සහ හරින් එකතුවය.
කැපූ කේක් කැබැල්ලේ පළමු කොටස හරින් කවනු ලැබුවේ සිය නායකයාවන සජිත්ට ය. එය බෙහෙවින්ම සංවේදී මොහොතක් විය. මෙහිදී සභාව ඇමතූ චම්පික රණවක කීවේ හරින්ගේ තීරණයට අනුව තමන්ට තව දේශපාලනය කරන්නට සිදු වන්නේ අවුරුදු හතරක් පමණයි කියාය.
මහ ලේකම් රංජිත් සභාව අමතමින් කියා සිටියේ හරින් හැටෙන් සමු ගන්නව කියල කිව්වට පස්සේ මට ලැජ්ජා හිතුනා.හැබැයි ආපහු බලනකොට රටේ  ලොකුම පුටුවල ඉන්න කීප කීපදෙනෙක්ම මට වඩා වයස නිසා ඒ ලැජ්ජාව නැති වුණා යැයි කීවේය.
ඉන්පසු සජිත් සභාව අමතමින් දීර්ඝ කතාවක් කළ අතර එහිදී හරීන්ගේ අවුරුදු හැටේ තීන්දුව ගැන ද සජිත් කතා කළේය.
“ජේ ආර් ජයවර්ධන මහත්මයාගේ සංවත්සරය අපි අද සැමරුවා.එතුමා රටේ ජනාධිපති වෙන්නේ අවුරුදු හැත්තෑ දෙකේ දී.මම දැන් ටිකකට කලින් හරින්ද්‍ර ඔපරේෂන් එක කරපු ඩොක්ටර්ට කතා කළා.එයාටත් අවුරුදු 60ට වැඩියි.හරින් කියන විදිහට හැටෙන් සමු ගත්තානම් ජේ ආර් කියලා ජනාධිපතිවරයකුත් නෑ.හරින්ගේ ඔපරේෂන් කරන්න එක කරන්න ඒ ඩොක්ටත් නෑ.ඇත්තටම වැදගත් වෙන්නේ වයස කියන අංකය නෙමේ.වැදගත් වෙන්නේ හැකියාව කුසලතාවය සහ දක්ෂතාවය” සජිත් කීවේය.
උත්සවය හමාර වී යන සියලු දෙනාටම කුඩා පෝච්චියක සිටවූ පිච්ච පැලයක් බැගින් ලබා දෙන්නටද හරින්ගේ කාර්‍යමණ්ඩලය සංවිධානය කොට තිබුණේ ය.
ජේ.ආර්. වෙනුවෙන් හුස්ම
දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ ගුණානුස්මරණය දිනය යෙදී තිබුණේ පසුගිය පළවෙනිදාට ය.සජිත් ඒ වෙනුවෙන් විශේෂ කටයුත්තක් සංවිධානය කොට තිබුණේ ය. එය සමගි ජනබලවේගයේ හුස්මක් වැඩසටහනක් යටතේ රෝහල් උපකරණ ලබාදීම ජේ ආර් ජයවර්ධනයන් අනුස්මරණය කරමින්  සිදු කිරීමට එය.
රෝහල් වලට අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අරමුණ කොට ගනිමින්  සමගි ජන බලවේගය විසින් “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කරනු ලැබීය. ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස දියත් කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 33වන පියවර ලෙස රුපියල් විසිලක්ෂ දාසයදහසක් (රු. 2,016,000) වටිනා රෝහල් උපකරණ අවිස්සාවේල්ල රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
මේ අවස්ථාවට දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන යන්ගේ මුණුපුරු ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර  කොළඹ සංවිධායක නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන,ද එක්ව සිටීම විශේෂ විය.
මේ රටේ සෞභාග්‍යයේ නියමුවා වන ජේ ආර් ජයවර්ධනයන් සිහිපත් කරමින් අවිස්සාවේල්ල රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කරන බව සජිත් කීවේය. “සමහරු කියන්නේ ඔබතුමා මහගෙදර දාලා ආවා කියලා.හැබැයි මහ ගෙදර ඉන්න අයට මහගෙදර ගොඩනඟපු නායකයා අමතක උනාට,ඔබතුමාට මතක තිබුනා”
ප්‍රකට හිමි නමක් කතා කොට සජිත්ට කීවේ ජේආර් ගුණ සමරුව නිමිත්තෙන් සජිත් විසින් ලියනු ලැබූ ලිපියක් කියවීමෙන් අනතුරුව ය. “මේ රටට විවෘත ආර්ථිකය ගෙනල්ලා සංවර්ධනයේ දොරටු විවර කළේ එතුමා.එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ ලොකුම විජයග්‍රහණය ගෙනත් දුන්නේ එතුමා.කාට අමතක වුණත් එතුමාව අපිට අමතක කරන්න බැහැ” සජිත් පිළිතුරු දුන්නේය.