ගුවන් මගීන් සදහා කඩදාසි රහිත තත්පර 20 කදී ලියාපදිංචි වීමට හැකි මාර්ග ගත ක්‍රමවේදයක්

0

කටුනායක ගුවන්තොටුපලේ අද සිට  මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය පහසු හා කාර්යක්ෂම  කිරීම සඳහා මාර්ග ගත සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දී ඇත. ගුවන් මගී හැසිරවීමේ  ක්‍රමවේදයේ වර්තමාන වෙනස්කම්වලට අවධානය යොමු කරමින්, වඩාත් කාර්යක්ෂම හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සහිත නව මාර්ග ගත  COVID-19 සෞඛ්‍ය ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කළ බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

මෙම ක්‍රියාවලිය හදුන්වාදීම තුලින් භෞතික ආකෘති පිරවීමේ භාවිතය හා මානව  සම්බන්ධතා අවම වේ. මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ තොරතුරු ඉදිරිපත් වීම හේතුවෙන්  සෞඛ්‍ය බලධාරීන්ට මගීන්ගේ තොරතුරු කල්තියා ලබා ගැනීමට හැකි වන බැවින්පෝලිම් කාලය අඩු කරමින් මගීන්ගේ සෞඛ්‍ය වාර්තා සමාලෝචනය කිරීමට එය උපකාරී වනු ඇත. මේ සදහා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ   වෙබ් අඩවියේ (www.airport.lkපහත සබැඳිය https://www.airport.lk/health_declaration/index ඔස්සේ පද්ධතියට ප්‍රවේශ විය හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.  

මාර්ගගත සෞඛ්‍ය ප්‍රකාශන පෝරමය – පැමිණෙන මගීන් සඳහා

01. වෙබ්අඩවි‌යේ  ඇති  සෞඛ්‍ය ප්‍රකාශ පත්‍රය පුරවා ඉදිරිපත් කළ යුතුය.

ඊට අදාළ මෙම ලියකියවිලි ද  අමුණා තිබිය යුතුය – 1 වන මාත්‍රාව සහ 2 වන මාත්‍රාවේ එන්නත් කාඩ්පත. පිටත්වීමට පෙර පැය 72ක් ඇතුළත සිදු කරන ලද COVID-19 පරීක්ෂණ වාර්තාව.

02. එම විස්තර ඉදිරිපත් කළ පසුමගියාට QR කේතය නැරඹීමේ පහසුකම ඇති අතරඊට අමතරව, QR කේතයක් සහිත විද්‍යුත් තැපෑලක් මගියාට ලැබෙනු ඇත.

03. මගීන් ගුවන් තොටුපළට පැමිණීමට පෙර ගුවන් තොටුපළේ සෞඛ්‍ය නිලධාරීන්ට මගීන්ගේ තොරතුරු ලැබෙනු ඇති අතර, සෞඛ්‍ය නිලධාරීන් මගීන් විසින් සපයනු ලබන තොරතුරු සමාලෝචනය කරනු ඇත. 04. එසේ පැමිණෙන මගීන් (ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රකාශන පෝරම අන්තර්ජාලය හරහා පුරවා ඇති අය)සෞඛ්‍ය ප්‍රකාශන කවුළුවෙහි QR කේතය ස්කෑන්  කළ යුතුය.

යම් අයෙකුට විදේශයන්හි දී ලියාපදිංචි වීමට නොහැකි QR වුවහොත් කේතය ඇතුලත් පුවරු ගුවන්තොටුපල පරිශ්‍රයේ සවිකර ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ  හි ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සමඟින්ගුවන් මගීන් සඳහා පහසු නව සංචාරක අත්දැකීමක් ලබා දීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.