ආණ්ඩුවට අදායම් නොලැබීමට හේතුව ලන්සා හෙළි කරයි

0
ආණ්ඩුව ආදායම් ලබාගන්නේ ජනතාවට වක්‍රව හා සෘජු බදු දාලා. ඒවා බලහත්කාරකමින් නොගැනීම නිසා තමයි ආණ්ඩුවේ ආදායම අඩු වෙලා තියෙන්නේ
යනුවෙන් නිමල් ලන්සා මයා පැවසුවේය.
එමෙන්ම ගොවියන්ට සාධාරණ මිලකුත්, පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීමේදී සාධාරණ මිලක් දෙන්න තීන්දු කර තිබෙන බවත් මෙවර මේ සියලු කරුණු සලකා බලා මුදල් අමාත්‍යතුමා 2022 දී ඉතාමත් හොඳ අය වැය ලේඛනයක් ඉදිරිපත් කරන බවත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
ඔහු  ඉදිරි අයවැය  සහ රටේ ආර්ථික  තත්වය ගොඩ නැගීම ගැන වැඩි දුරටත් මෙසේ පැවසුවේය,
මාෆියාව කියන කථාවට මම නම් කැමති නැහැ. සියලු දෙනා ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ සියලු දෙනා බලන්නේ තමන්ගේ ලාභය ලබාගන්න. ගොවියෝ, නිෂ්පාදකයෝ බලන්නේ තමන්ගේ ලාභය වැඩිපුර ලබාගන්න. ආණ්ඩුවක් විදියට අපි එය නියාමනය කරනවා. ඒකට තමයි ආණ්ඩුවක් පත් කරන්නේ. ඒ නිසා ආණ්ඩුව ලෙස එය නියාමනය කිරීමේ කටයුත්ත තමයි අපි මේ වන විට ක්‍රියාත්මක කරන්නේ.
ලෝකයේ කොරෝනා වසංගතය අපි කවුරුත් නොහිතපු දෙයක්. මුළු ලෝකයම විශාල අභියෝග හා අසීරුතා මැද තමයි යන්නේ. ආණ්ඩුවක් ලෙස මෙම අවුරුදු දෙකක කාලය තුළදී ආණ්ඩුවට ලැබෙන සියලු ආදායම් අහිමි වෙලා. ආණ්ඩුවට ආදායම් ලැබෙන්නේ මහජනතාවගෙන්. මහජනතාව තලාපෙලා අපට ආදායම් ලබාගන්න බැහැ. ඒ නිසා තමයි බිලියන 3000 වූ ආදායම බිලියන 1200 දක්වා අඩු වෙලා තියෙන්නේ. ඒ තුළ තමයි රජයේ සේවකයින්ගේ පඩි, විශ්‍රාම වැටුප් අඩුවකින් තොරව ගෙවපු ලෝකයේ පළමු රට. සියයට සීයක් ගෙවලා තියෙනවා. මේවා පිළිබඳව කවුරුත් කථා කරන්නේ නැහැ. .
කොරෝනා වසංගතය නිසා ජනතාවත්, ආණ්ඩුවත්, ලෝකයත් අමාරුවෙ වැටිලා තියෙනවා. දැන් අමාරු කාලය ඉවරයි. ජනතාව සියලු දෙනා එකතු වෙලා මෙම අභියෝග ජයග්‍රහණය කරන්න, ආර්ථික ක්‍රියාවලිය ජයග්‍රහණය කරන්න අත්වැල් බැඳගන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. යැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය