යෝහානි උන්මාදය ඉන්දියාව කළඹද්දී ඇය සුළු අනතුරකට

0
By: මේඝා චිනාතමනි 
යෝහානි අද දිනයේ (ඔක්තෝබර් 02) නව දිල්ලියේ පැවැත්වූ ප්‍රසංගය අතරතුරදී අවාසනාවන්ත ලෙස හදිසි අනතුරුකට ලක් වී ඇත. මෙලෙස අද නව දිල්ලියේ පැවති ප්‍රසංගයේදී ඇය අවසාන ඉදිරිපත් කිරීම කරන අවස්ථාවේදී ඇය ගොඩක් සතුටින් ගීත ගායනා කල ඇත. එහිදී ඇයට ලැබුනු සුවිශේෂී රසික ආදරයත් සමග ඇය සතුට වැඩි කමට ඇයගේ මුහුනෙන් ගිටාරයේ හිස මතට තට්ටුවක් දමා ඇත.
පොඩි තට්ටුව ලොකුවී හිතුවට වඩා වේගයෙන් ගිටාරය ඇසේ සහ හිසේ වැඳීම නිසා ඇයගේ මුහුණ තඩිස්සි වීමෙන් මෙම අනතුර සිදු වී ඇත. මුහුණේ තැලුම් ඇය දැක තිබෙන්නේත් පසුවය. කෙසේවෙතත් ප්‍රසංගය ඉදිරියට කරගෙන යා යුතු බවත් ඇයගේ වැරැද්දක් නිසා ඇයට එලෙස අනතුරුකට ලක් වූ බව ඇය සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබේ.
යෝහානිගේ සාර්ථකත්වය දෙස ලංකාවේ එතරම් දුරට නොබැලුවට ඉන්දියාව නම් ඉන්නේ පිස්සු වැටිලා. සිංහල සින්දු වලට ඉන්දියාව විතරක් නෙමෙයි යුරෝපයට් දැන් පිස්සු හැදිලා වගේ යෝහානි උන්මාදය පැතිරී අවසන්ය. යෝහානිගේ පළමු ඉන්දීය ප්‍රසංගය අති සාර්ථක ලෙස අවසන් වීමත් සමඟ ප්‍රසංගය බලන්න පැමිණි බොලිවුඩ් තරු රැසක් යෝහානිට හිතා ගන්න බැරි තෑගි ලබා දී තිබු බව වාර්තා වේ. නිල නොලත් අයුරින් වාර්තා වන්නේ මේ වන විට ඇයට කෝටි 10කට ආසන්න තෑගි ලැබී ඇති බවයි.
ඇයගේ පළමු ප්‍රසංගය නැරඹීමට පැමිණි ශාරුක් යෝහානිට තමන්ගේ මන්දිරයට පැමිණෙන්න කියලත් ආරාධනා කර ඇති අතර ඔහුගේ බිරිඳ යෝහානිව අතින් අල්ලාගෙන මේ පුංචි කෙල්ල මුළු භාරතයම පිස්සු වැට්ටුවා නේ” යනුවෙන් පවසා තිබිණි. ශාරුක් වගේම කාජල්, ප්‍රියංකා, ජැක්ලින්, ටයිගර් ඇතුළු සුපිරි ඉන්දීය තරු යෝහානිගේ ප්‍රසංගයට සහභාගී වී සිටි අයුරු දැක ගැනීමට හැකි විය.  එවැනිම බොලිවුඩ් සුපිරි තරු අමිතාබ් භච්චන්ගේ ගෙදරටත් යෝහානි ගොස් ඇති බවත් එහිදී ඔහු වටිනා මුදල් තෑග්ගක් ලබා දී ඇති බවත් වාර්තා වේ.
පදික වේදිකාවේ ගීත ගයමින් සිටි රනු මොන්ඩාල් මතකද? ඇයගේ ජීවිතයත් නොසිතපු වේලාවකදී වෙනස් වුයේ පදික වේදිකාවේ ගයන ගීතයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙනි. එවිට ඇයගේ ජිවිතයම වෙනස් කරමින් බොලිවුඩ් සුපිරි තරු සල්මන් ඛාන් කොටි 5ක නිවසක් ලබා දී තිබිණි. මේවන විටත් ඇය පදිංචිව සිටින්නේ එම නිවසේ බව සඳහන් වේ. ඒවගේම රනු ත් යෝහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය ගයා යු ටියුබ් වෙත මුදා හැර තිබූ අයුරුත් දැක ගත හැකි විය. කාලයත් සමඟ ඇයට හිමිවූ තත්වය ඇයගේ උද්දච්චකම නිසා නැති වී යනු අයුරුද දැක ගැනීමට හැකි විය.
කෙසේවෙතත් ලංකාවේ යෝහානි මේ වන විට ඉන්දියාවේ ඇති සාර්ථක ගමනක් යමින් සිටින විට ඊයේ සල්මන් ඛාන්ගේ රියදුරු යෝහානි නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණ මල් කළඹක් ලබා දී තිබිණි. එහිදී එම මල් කළඹේ අපුරු සටහනක් සල්මන් විසින් යොදා ඇත. “හායි මැණිකේ” මම ඔයාගේ හෙට පැවැත්වෙන හයිද්‍රාබාද්හි සංගීත ප්‍රදර්ශණයට එනවා. ඒවගේම ඔබව මුණ ගැහෙන්නත් කැමතියි කියලා ” සල්මන් ඒ සටහනෙන් දන්වා ඇත. ඉතින් රනු ගේ ජිවිතයම වෙනස් කළ සල්මන් යෝහානිට මොන විදියේ තෑග්ගක් දෙයි ද කියලා මේ වන විට ඉන්දියාවේ බෙහෙවින්ම කතා බහට ලක් වෙමින් තිබේ.
එලෙසින්ම යෝහානිව බලන්න ආපු බිලියනපතියන් , බොලිවුඩ් සුපිරි තරු යෝහානිට නොයෙක් විදියේ තෑගී ලබා දෙමින් ඉදිරියේදී පැවැත්වෙන ප්‍රසංග සඳහාත් ආරාධනා කර ඇත. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඔවුන්ගේ ඉදිරි චිත්‍රපට වල ගීත ගයන්නත් ආරාධනා ලබා දෙද්දී බොලිවුඩ් සුපිරි නළු නිලියන් ඇය ගීත ගායනා කරන චිත්‍රපට වල රඟපාන්නත් කැමතියි කියලා පවසා ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේවන විට ඉන්දියාවේ සිටින යෝහානි ඉන්දියාවේදී පළමු රුපවාහිනී වැඩසටහනට සහභාගී වී තිබිණි. එහිදී “ඔබ කවද්ද හිතුවේ අබිතාබ්, මදුරි වගේ සුපිරි තරුවක් වෙයි කියලා. හැමෝම ඔබේ ගීතයට නර්තන ඉදිරපත් කර තිබුනා? යනුවෙන් යොමු කළ පැනයට ඇය මෙසේ පිළිතුරු ලබා දී තිබිණි.
“ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 23ක් විතර වෙනවා.මේ ගීතය මිලියන 10ඉක්මවද්දී මට හිතුනා ලංකාවේ ලොකු දෙයක් වෙයි කියලා. ඒත් මිලියන 20 ඉක්මවලා ඉන්දියාවේ වගේම යුරෝපයේ ජනප්‍රිය වන විට මම උන්මාදයට පත් වුණා..
රසිකයන්ට දෙන පණිවිඩය කුමක්දැයි අසද්දී ඇය පවසා තිබුණේ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා යනුවෙනි. එමෙන්ම ඉදිරියේදී ඇයගේ ගීත ඇල්බමයක් නිකුත් වීමට නියමිත බවත් ඇයගේම ගීත කිහිපයක් ද ඉදිරියේදී රසිකයන්ට ලබා දෙන බවද ඇය සඳහන් කළාය.
එහිදී ඇසූ බොහෝ ප්‍රශ්න හමුවේ ආදරය ගැන විමසද්දී ඇයට පෙම්වතෙක් නැති බවද යොහානි සඳහන් කර තිබිණි. සරල ලෙන්ගතු ප්‍රියජනක ඇයගේ  හැසිරීමටත් බොහෝ දෙනෙක් ප්‍රිය කරමින් සිටිති.
මැණිකේ මගේ හිතේ ගීතය ගැන බොහෝ දෙනෙක් අදහස් දක්වමින් පවසා ඇත්තේ භාෂාව නොතේරෙන නමුත් මෙහි මෙලඩි සහ බීට් එක ඉහළ රසයකින් යුක්ත බවය. ශාරුක් ඛාන් ද පවසා ඇත්තේ ඉහළ සංගීත රසයක් ඇති මෙම ගීතය සරල ගීතයක් නමුත් ඉහළ ගුණයක් ඇති බවත් සරල ගීත නමුත් මියුරු හඬකින් නැවුම් බවකින් ගීතවත් කළ හැකි නම් එය හදවත් සොරා ගන්නා බවයි.
ඉතින් හෙට තව ප්‍රසංගයක් මෙන්ම ඇය ඉන්දීය මාධ්‍ය හමුවකට ද සහභාගී වීමට නියමිතය . යෝහනිගේ ජිවිතේ මෙහෙම වෙනස් එනකොට ඒක ලංකාවේ නම ජාත්‍යන්තයේම බබලන්නත් හේතුවක් වී ඇත. ඉතිහාසයේ පළමු වරට මෙසේ වෙද්දී ඇය යන මේ ගමනට අපිත් මෙලෙස සුභ පතන්නෙමු.