මැණිකේ ඉන්දියාව හොල්ලයි – ශාරුක්ගේ බිරිඳ යෝහානිට පිස්සු වැටිලා

0
මැණිකේ මගේ හිතේ ගීතයෙන් ඉමහත් ජනාදරයට පත්වූ යෝහානි ද සිල්වා ගේ පළමු ඉන්දීය ප්‍රසංගය නැරඹු බොහෝ පිරිස් මේ වන විට විවිධ සටහන් තබමින් සිටිති. ඒ අනුව ඊයේ පැවති යෝහානිගේ ප්‍රසංගය නැරඹීමට බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ බිරිඳ ගෞරි ද පැමිණ තිබිණි. ප්‍රසංගය අවසන් වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙසේ පවසා තිබිණි. “ලංකාවේ  සුන්දර රටක් කියලා අහලා තිබ්බට, ලංකාවේ ජනතාව මෙතරම් සුන්දරයි කියලා දැන ගත්තේ අද. මලක් වගේ පුංචි කෙල්ල අපේ මුළු භාරයතම පිස්සු වට්ටලා..
එමෙන්ම ඉන්දියාවේ ප්‍රබල සංගීත ශිල්පී ඒ ආර් රහුමාන් ගේ ගීතයක් ද අභිභවා යමින් යෝහානි මේවන විට ඉදිරියට පැමිණ ඇත. මෙම ප්‍රසංගයේ දෙවන ප්‍රසංගය එළඹෙන 3වනදා හයිද්‍රාබාද් හිදී පැවැත්වෙන අතර ඉන්පසුව ඉන්දියාවේ මාධ්‍යවේදීන් සමඟ මාධ්‍ය සාකච්චාවක් ද පැවැත්වීමටත් ඉන්දීය රජය කටයුතු යොදා ඇත
ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙසට සටහන් වෙමින් මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වාගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය සාර්ථකව නිමා වී ඇත. මේ වන විට යොහානි ශ්‍රී ලංකාවේ, බොලිවුඩයේ පමණක් නොව යුරෝපයේ ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. මේ අතර ඇයගේ තවත් සංගීත සංදර්ශනයක් එළැඹෙන 3 වන දා හයිද්‍රාබාද් හිදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම ඉන්දියාවේ තවත් ප්‍රසංගයක් ද සුදානම් වෙමින් තිබේ.
එම සංගීත ප්‍රසංගය නවදිල්ලියේ දී ඊයේ (30) සවස 6ට ආරම්භ වූ අතර සංගීත සංදර්ශනයට සහභාගිවීමට පෙරම යොහානිට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික මුදල් ත්‍යාග හිමි වී තිබිණි. පසුගිය 29 වන දා ශ්‍රී ලංකාවෙන් එම සංගීත සංදර්ශනය සඳහා පිටව ගිය යොහානි ව පිළිගැනීමට දිල්ලියේ 450,000ක් පමණ වු ජනකායක් පැමිණ සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබු අතර යොහානිව පිළිගැනීම සඳහා දිල්ලි ගුවන්තොටුපොළ වෙත බොලිවුඩ් සිනමා තරු හා ව්‍යාපාරිකයින් රැසක් පැමිණ සිටි බව ද ඔවුන් වාර්තා කර තිබේ.
කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ‘ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් යොහානි ප්‍රථමවරට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට පසුගිය දා පිවිසියාය. එම ගායනය ඇතුළත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක අද (01) සිට තිරගත කිරීමට නියමිත බව වාර්තා වේ. යොහානි ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් ඇති අතර, ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.