I was helpless in protecting the elephants – Ishini Wickremesinghe

0
picture courtesy: nesfirst.lk

Sri Devi is a very loving and affectionate elephant .. My favorite in Pinnawela .. I was helpless in protecting her and the other elephants being forcibly taken away from Pinnawela .. what cruelty it is to take away their freedom for one’s individual interests. is what Ishini has stated on her Facebook account with regards to her resignation form the post of Director the other day.

මං අසරණ වුණා , එක් පුද්ගලයෙකුගේ කැමැත්තට අලින්ගේ නිදහස අහිමි කිරීම කෙතරම් කෘර ද – ඉෂිණි වික්‍රමසිංහ
පින්නවල අලි අනාථාගාරයේ සිට බලහත්කාරයෙන් රැගෙන ගිය අලි බේරා ගැනීමට නොහැකිව තමන් අසරණ වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ඉෂිණි වික්‍රමසිංහ පවසා ඇත.
එක් පුද්ගලයෙකුගේ කැමැත්තට මෙම අලින්ගේ නිදහස අහිමි කිරීම කෙතරම් කෘර දැයි ඉෂිනි සිය සටහනෙන් ප්‍රශ්ණ කර තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබමින් ඇය මේ අදහස් පළ කර තිබේ. පසුගිය ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගෙන පින්නවල රඳවා සිටි අලි නැවත අලි හිමියන්ට ලබා දීමට ගත් තීන්දුවට එරෙහිව ඈ සිය ධූරයෙන් ඉල්ලා අස් විය.