Foreign Minister Prof. G.L. Peiris calls for enhanced economic cooperation with Iran

0

According to a media release by the foreign ministry, the Foreign Minister Prof. G.L. Peiris has sought greater economic cooperation with Iran, including enhanced bilateral trade, investment and the possibilities of cooperation in new sectors, such as tourism and energy. The Minister made this request when the  Ambassador of the Islamic Republic of Iran, Hashem Ashjazadeh called on him at the Foreign Ministry on 08 September, 2021.

In his opening remarks, Foreign Minister Peiris highlighted the long standing friendly relations between Sri Lanka and Iran which have a proud legacy of two ancient and great civilizations. In recent years, the bilateral relations have been reinvigorated by the exchange of high level visits that have contributed to closer cooperation and coordination, both at the bilateral level as well as in the international arena.

The Foreign Minister conveyed the Sri Lanka Government’s appreciation for the steadfast support extended by the Islamic Republic Iran during the Human Rights Council sessions held in Geneva and at other multilateral fora.

Ambassador Ashjazadeh extended his warm felicitations to Minister Peiris on his appointment as the Foreign Minister and assured the firm commitment and support of the  Government of the Islamic Republic of Iran to the expansion of bilateral cooperation with the Government of Sri Lanka.

ඉරානය සමඟ ආර්ථික සහයෝගීතාව ඉහළ නංවන ලෙස විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ඉල්ලයි

 වැඩි දියුණු කළ ද්විපාර්ශ්වික වෙළෙඳාමආයෝජනය සහ සංචාරක කර්මාන්තය සහ බලශක්තිය වැනි නව අංශවලසහයෝගීතා විභවයන් ඇතුළත් පුළුල් ආර්ථික සහයෝගීතාවයක් ඉරානය සමඟ ලබා දෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ඉල්ලා සිටියේය. 2021 සැප්තැම්බර් 08 වැනි දිනවිදේශ අමාත්‍යාංශයේ දී ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති හෂෙම් අෂාසාදේ මැතිතුමා හමුවූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේය.

සාකච්ඡා ආරම්භයේ දීපෞරාණික හා ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාර දෙකක අභිමානවත් උරුමයක් හිමි ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා අවධාරණය කළේය. මෑත වසරවල දීද්විපාර්ශ්වික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද සමීප සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය සඳහා දායක වූ ඉහළ පෙළේ සංචාරයන් හුවමාරු කර ගැනීම තුළින් මෙම ද්විපාර්ශ්වික සබඳතා යළි ප්‍රාණවත් වී තිබේ.

 ජිනීවා හි පැවති මානව හිමිකම් සැසිවාරයේ දී සහ අනෙකුත් බහුපාර්ශ්වික වේදිකාවල දී ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දුන් නොසැලෙන සහයෝගය පිළිබඳව විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කළේය.

 පීරිස් මැතිතුමා විදේශ අමාත්‍ය ලෙස පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ තානාපති අෂාසාදේ මැතිතුමාශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජයේ රජයෙහි දැඩි කැපවීම සහ සහයෝගය සහතික කළේය.