එළඹෙන නොවැම්බර් 4 වැනිදා සිට රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා ශ්‍රි ලංකාව අතර සෘජු ගුවන්ගමන් සේවා ආරම්භ කෙරේ. රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම හා මෙරට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් අතර රුසියාවේදී පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ තිබේ. සාකච්ඡාව පැවැත්වුණේ රුසියාවේ මොස්කව් නුවර පිහිටි Aeroflot ගුවන් සමාගම් මූලස්ථානයේදීයි.
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධන කිරීමේ අරමුනැතිව ලොව පුරා ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් සමඟ ඉදිරියේදී මෙවැනි සාකච්ඡා පැවැත්වීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම සාකච්ඡා පැවැත්වෙන අතර රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගම සමඟ පැවති මෙම සාකච්ඡාව එම ප්‍රවර්ධන වැඩපිළිවෙළේ මූලාරම්භයයි.
රුසියානු aerofloat ගුවන් සමාගම සැප්තැම්බර් පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද පවතින තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව එය කල් දමා තිබිණි. අද පැවති සාකච්ඡාවල ප්‍රතිඵලය අනුව අනුව එළැඹෙන නොවැම්බර් 4 වැනිදා සිට රුසියාව හා ශ්‍රි ලංකාව අතර එම ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට තීරණය කෙරින. මුල් අවධියේදී රුසියාවේ සිට සතියකට ගුවන්ගමන් වාර දෙක බැගින් මෙරටට පැමිණීමට ද එම සාකච්ඡාවලදී තීරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වූ අතර රටේ සෑම පුරවැසියෙක්ම එන්නත්කරණය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ එරොෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරීන් අගය කළේය.
එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව අනාගතයේදී සෞඛ්යාරක්ෂිත ගමනාන්තයක් ලෙසත් ශ්‍රී ලංකාව හදුන්වාදිය හැකි බව ඔවුහු සදහන් කළහ. මේ වන විට මෙරට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වූ අතර ගුවන් යානයක පැමිණිය හැකි පුද්ගලයින් ප්‍රමාණය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් පිළිබඳවද සාකච්ඡා විය.