දුඹුරු සීනි 130 – Brown Sugar Rs 130/=

0
පාරිභෝගිකයා වෙත රුපියල් 130 බැගින් අලෙවිකිරිම සඳහා අවශ්‍ය දුඹුරු සීනි තොග මේ වනවිට සතොසට නිකුත් කර ඇති අතර (30) සිට  ලංකා සීනි සමාගම මගින් සමුපකාර සමිති වෙත නිකුත් කරන බව දැනට කෝවිඩ් ආසාදිතව සිය නිවසේ ම ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා  පැවසුවේය.
සෙවනගල, පැලවත්ත සහ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන සීනි,  ලංකා සීනි සමාගම විසින් බෙදා හරිනු ලබයි. රටපුරා ඇති සියලුම සමූපකාර වෙළඳසැල් සහ සතොස අලෙවිසැල් වලින් රුපියල් 130ට සීනි මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.