වැස්ස සමඟ ඩෙංගු දැඩි අවදානමක

0
By : අශන්ති වරුනසුරිය
පවතින වැසි තත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතුව ඇති බැවින් අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි.
ඩ්‍රෝන යන්ත්‍ර යොදා ගනිමින් ගොඩනැගිලිවල ඉහළ වහලයේ වැහි පිහිලි මත මදුරුවන් බෝවන ස්ථාන නිරීක්‍ෂණය කෙරේ. මේ ඒ අනුව ඩෙංගු මර්දන ක්‍රියාවලිය අද සිට දිවයින පුරා සියලු පොලිස් බල ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු පැතිරයාමේ අවදානමක් සහිත වතු සහ මහල් නිවාසවල පදිංචි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පොලිස් පරිසර කොට්ඨාසය, ප්‍රජා පොලිස් ඒකකය, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හා විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධවයි. මෙහිදී දුමායනය, ජලය එක්රැස්වන ස්ථාන පිරිසිදු කිරීමට ප්‍රමුඛත්වයෙන් ආරම්භ කර ඇත.