දින තුනකට වරක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ

0
By: අශන්ති වරුනසුරිය 
සියලු ආර්ථික මධ්‍යස්ථාන දින තුනකට වරක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇත. මේවන විට අලෙවිකරුවන් මුහුණ දී තිබෙන දුෂ්කරතා හේතුවෙන් අප කල විමසුමට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මේ බව පැවසුවේය.
නමුත් මෙය සිදුවන්නේ සෞඛ්‍ය අංශවලින් ලබාදෙන උපදෙස් අනුව බවත් ඔහු පැවසුවේය. අද දිනයේ බස්නාහිර පළාතේ සියළු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
ජංගම රථවල එළවළු සහ පළතුරු අළෙවි කරන වෙළදුන් වෙනුවෙන් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන අතර අත්‍යවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත පිරිසටද එම ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණිය හැකියාව ඇත.