සාගර සරසවි විශිෂ්ටයින් හට උපාධි ප්‍රදානය කෙරේ

0

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මඟින් සිදුකෙරෙන නාවිකධීවර හා සාගර සම්බන්ධ පාඨමාලා 04ක් යටතේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ගේ උපාධි ප්‍රදානෝත්සවය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (23පැවැත්විණ.

එහි දී,

·         සමුද්‍රීය ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය

·         ධීවර හා සමුද්‍රීය විද්‍යාවේදී උපාධිය

·         නාවික ප්‍රවාහන කළමනාකරණය හා සැපයුම් විද්‍යාවේදී උපාධිය

·         සමුද්‍රීය හා වෙරළ සම්පත් කළමනාකරණ විද්‍යාවේදී උපාධිය

යන පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් 219 දෙනෙකු අද දින උපාධිධාරීන් බවට පත් විය.

සාගරය හා බැඳුණු දෙස් විදෙස් රැකියා බහුල පාඨමාලා රැසක් පවත්වාගෙන යනු ලබන මෙම විශ්ව විද්‍යාලය 2014 අංක 31 දරණ ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාල පනත යටතේ ස්ථාපනය කරන ලද විශ්ව විද්‍යාලයක් වේ. ජාතික වෘත්තීය සුදුසුකම් 5 සහ 6 (NVQ 5/6 ) සපුරා ගැනීමෙන් පසු උපාධිය දක්වාත්පශ්චාත් උපාධි කේන්ද්‍රය පිහිටුවා විද්‍යාපති උපාධියත්ඕස්ට්‍රේලියානු හා එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල හා එක්ව දර්ශන විශාරද උපාධියත් ලබාදීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකයි.

මෙම අවස්ථාව සඳහා මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ජේෂ්ඨ කථිකාචාර්ය කපිල සී.කේ. පෙරේරා මහතා, සාගර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ඔස්කා(ර්) අමරසිංහ මහතාඋප කුලපති මහාචාර්ය වසන්ත රත්නායක මහතාවිශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන් ද, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.