නායයෑම් අනතුරු අවදානම තවදුරටත්

0
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට පනවා ඇති නායයැම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මාතලේ,බදුල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, ගාල්ල යන දිස්ත්‍රික් සඳහා එම නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.
මේ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව ඔවුන් පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
සබරගමුව, ඌව, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු අනතුරු සිදුවිය හැකිය.