Burlington English, ශ්‍රී ලංකාවේ ගුරුවරුන් 50,000 ක් හා සිසුන් 500,000 ක් ඉංග්‍රීසි භාෂාවෙන් සවිබල ගැන්වීමට කටයුතු කරයි

0

ඉන්දියානු හා දකුණු ආසියානු කලාපය පුරා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ හා ඇගයීමේ ප්‍රමුඛතම අධ්‍යාපනික ආයතනයක් වන Burlington English, ශ්‍රී ලාංකීය අධ්‍යාපනය ක්ෂේත්‍රය වෙත සිය පැමිණීම සාඩම්බරයෙන් සනිටුහන් කරයි. කලාපීය වශයෙන් ඉහළම සාර්ථකත්වයක් අත්කරගෙන ඇති ඉංග්‍රීසි අධ්‍යාපනික ආයතනයක් ලෙසින් Burlington English, මෙරට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා එම සාර්ථකත්වය ඉවහල් කර ගනියි. ඒ අනුව, එහි සම්පත් හා අති නවීන තාක්ෂණ භාවිත කරමින් ආදර්ශමත් ඉගැන්වීම් හරහා, රට පුරාම  ගුරු සිසු දෙපාර්ශ්වය ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයන් බවට පත් කිරීමට කටයුතු කරයි. 

ශ්‍රී ලාංකීය අධ්‍යාපනික ක්ෂේත්‍රයට Burlington English හි සම්ප්‍රාප්තිය මඟින් සිසුන්ට සිය අධ්‍යාපනික හා වෘත්තිය ඉලක්ක ජය ගැනීමට මාහැඟි පිටුබලයක් සැලසෙන අතරම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවයද  එමගින් වැඩිදියුණු වේ. මේ හරහා සිසුන්ට පුළුල් ක්‍රමවේද ඇතුළත් අධ්‍යාපනික පරිසරයක විද්‍යුත් හා මුද්‍රිත අන්තර්ගතයන්  මගින් ඉංග්‍රීසි භාෂාව හැදෑරිය හැකි අතරම, නිවැරදි ඇගයීම් ඔස්සේ ඔවුන්ගේ භාෂා ප්‍රවීණතාව පිළිබඳ ආයතනය මගින් තක්සේරු කර ගැනීමටද  හැකි වේ. Burlington English, එක් එක් සිසුන්ට ආවේණික ක්‍රම හරහා ඉංග්‍රීසි ඉගෙනුම් අත්දැකීම සිසුන් වෙත සමීප කරන අතර, නවතම අධ්‍යාපනික ශිල්ප ක්‍රම ඔස්සේ ගුරුවරුන් සවිබල ගැන්වීමටද කටයුතු කරයි. ඒ සඳහා වැඩමුළු හා වෙබිනාර් ආදිය සංවිධානය කිරීමටද පියවර ගන්නා  ආයතනය, කලාපයේ සිසුන් සඳහා K-12 ප්‍රමිතියේ ඉහළම ගුණාත්මක අධ්‍යාපනයක් ළඟා කර දෙන උසස් අධ්‍යාපනය හා වෘත්තීන් ඉලක්ක කරගත් ඉංග්‍රීසි පාඨමාලා පිරිනමනු ලබයි.

ස්වකීය පාඨමාලා ඔස්සේ ඉදිරි වසර 5 තුළ දිවයින පුරාම ගුරුවරුන් 50,000 ක් හා සිසුන් 500, 000 ක් ඉලක්ක කර, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය නංවමින් මෙරට අධ්‍යාපනික ක්ෂේත්‍රයට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කිරීම, Burlington English හි අපේක්ෂාවයි. 

“අධ්‍යාපනය සම්බන්ධ පොහොසත් ඉතිහාසයක් මෙන්ම දීප්තිමත් අනාගතයක් තිබෙන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය හා මෙලෙසින් අත්වැල් බැඳගැනීමට හැකිවීම, අපට සතුටට කාරණයක්. ‘The Publisher That Cares යන තේමා පාඨයට අනුව අපගේ අභිලාෂය වන්නේ, විසි එක් වැනි සියවසේ සාර්ථක වීම සඳහා අවශ්‍ය භාෂා අධ්‍යාපනය පිරිනමින් ගුරු සිසු දෙපාර්ශ්වය සවිබල ගැන්වීමයි. ඒ වෙනුවෙන්ම පිරිනැමෙන අපගේ නවතම පාඨමාලා හා හොඳම සම්පත් ශ්‍රී ලංකාවේ අනාගත සිසු පරපුර අධ්‍යාපනය අතින් සවිබල ගන්වා ඔවුන් ඉහළම සාර්ථකත්වය කරා ගෙනයනු ඇති බව අපට විශ්වාසයි. එමෙන්ම දේශීය අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු ආයතන හා අත්වැල් බැඳගනිමින් ගුරුසිසු දෙපාර්ශවයේ ඉහළම හැකියාවන් ළඟා කර ගනිමින්, ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා දායකවන සාර්ථක අධ්‍යාපනික පරිසරයක්  සකස් කිරීම අපගේ අරමුණයි.” යනුවෙන් Burlington English හි ඉන්දියා හා අග්නිදිග ආසියානු කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ අමිත් භවේජා සඳහන් කරයි.

පොහොසත් සංස්කෘතික උරුමයන් සහිත රටක් වන ශ්‍රී ලංකාව මේ වන විට, සංචාරක බැංකු සහ සන්නිවේදන ක්ෂේත්‍රයන්හි ස්ථාවර ප්‍රගතියක් කරා යොමු වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%  කටත් වඩා අත් කරගත් ක්ෂේත්‍රය වන්නේ,  සේවා ක්ෂේත්‍රයයි.  රටේ සමස්ත ජනගහනයෙන් සියයට 25කට ආසන්න පිරිසකට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව පවතින අතර, ඉංග්‍රීසි ප්‍රවීණත්වය කරා ශ්‍රී ලාංකිකයින් රැගෙන යාමට ඇති ශක්තිමත් අඩිතාලමක් ලෙසින්ද එම තත්ත්වය සැලකිය හැකිය. එමෙන්ම, ජාත්‍යන්තර අධ්‍යාපනික හා රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින් තුළ පවතින වර්ධනය වන අභිලාෂය, ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කර ගැනීමට මෙන්ම ඉලක්ක හඹා යාමටද සුවිශාල ශක්තියක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සාර්ථකත්වය කරා යාමට මෙන්ම, වෘත්තීය ජීවිතය තුළින් සිය ඉතිරි ගමන සාක්ෂාත් කර ගනිමින්, වඩාත් සමෘද්ධිමත් අනාගතයට දායකවීමට ඉංග්‍රීසි භාෂාව මගින් සැලසෙන අවස්ථා සුළු පටු නොවේ. 

එවැනි අවස්ථාවන් රැසක් සඳහා මග පාදමින්, Burlington English මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත සිය සම්ප්‍රාප්තිය සනිටුහන් කරන අතර, එම ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් සමගින් පසුගියදා කොළඹදී සාකච්ඡාවක්ද පැවැත්විණි. එම ආයතනයේ ලෝ ප්‍රකට ඉංග්‍රීසි භාෂා පුහුණුකරුවන ඇන්ඩෲ ස්ටීල් විසින් ගුරුවරුන් අන්තර්ක්‍රියාකාරී ලෙසින් දායක කරගත් ගුරු පුහුණු වැඩමුළුවක්ද පවත්වන ලද අතර, ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ට, නවතම ඉගැන්වීම් ක්‍රම හා මෙවලම් ප්‍රායෝගිකව අත්හදා බැලීමටද එය මහඟු අවස්ථාවක් විණි. 

 Burlington English පිළිබඳව:

Burlington සමූහය, වසර 40 කට වැඩි කාලයක් ලොව පුරා සිසු සිසුවියන් මිලියන ගණනක් විසින් භාවිත කරන අධ්‍යාපනික ප්‍රකාශන අධ්‍යාපනික ක්ෂේත්‍රයේ වෙළෙඳ පොළ වෙත එක්කළ සමාගම් සමූහයකි. අදවන විට, මුද්‍රණ සහ ඩිජිටල් විසඳුම් මෙන්ම භාෂා ඉගැන්වීම, ඉගෙනීම, ඇගයීම, ගුරු පුහුණුව සහ අධ්‍යාපනික පර්යේෂණ සේවාවන් සපයන Burlington English, ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගමකි. එමගින්, සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය සහ ගුරුවරුන් සවිබල ගැන්වීම සඳහාම සකස් කළ පුළුල් වැඩසටහන් රාශියක් ගෙන එයි.  Burlington English සතු සම්පත්, භාෂා අධ්‍යාපනය සඳහා වන CEFR ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර තිබෙන අතර, මුද්‍රිත හා ඊ-අන්තර්ගතයන් යන ක්‍රම දෙකෙන්ම සිසුන් වෙත ඉගෙනුම් අන්තර්ගතයන් පිරිනැමේ.  Burlington English හරහා, ස්වයං- අධ්‍යයන හා ගුරුවරුන්ගේ මග පෙන්වීම සහිත ඉගැන්වීම් සඳහා වන නිෂ්පාදන ලොව පුරා සිසුන් වෙත ලබාදේ.