ලින්ක් නැචුරල්, ‘Dentistree’ දන්ත වෛද්‍ය සම්මේලනය සහ රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්ලැටිනම් ජුබිලිය සමග අත්වැල් බැඳ ගනියි   

0

ශාකසාර ඖෂධ හා  පුද්ගලික සත්කාර නිෂ්පාදන සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස්, මුල්වරට පැවති 2024 Dentistree දන්ත වෛද්‍ය සම්මේලනය සහ ඊට සමගාමීව පැවැත්වුණු රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (GDSA) ප්ලැටිනම් ජුබිලි සැමරුමෙහි (70 වන සංවත්සරයෙහි) ප්‍රධාන අනුග්‍රාහකත්වය හොබවන ලදී. පසුගියදා Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මේලනයේ හා සැමරුම් උළෙලේදී, මෙලෙස ප්‍රධාන අනුග්‍රාහකත්වය පිරිනමමින්, දෙපාර්ශවය අතර වඩාත් ප්‍රබල සබඳතාවයක් ගොඩනඟා ගැනීමට ද සමාගම සමත් විය.

මෙහි සම්මේලනය සඳහා සත්කාරකත්වය දරනු ලැබුවේ, රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙහි (GDSA) අධ්‍යාපනික අංශය වන Dentistree අංශයයි. මෙම සම්මේලනය විශේෂඥ දේශක මඩුල්ලක් විසින් පවත්වනු ලැබූ  දේශනවලින් සමන්විත වූ අතර, ජාත්‍යන්තර දන්ත වෙළෙඳ ප්‍රදර්ශනය, දන්ත වෛද්‍ය සමාගම්, බැංකු සහ වෙනත් ආයතනවල වෙළෙඳ කුටි 40කට අධික සංඛ්‍යාවකින් සමන්විත විණි. එමෙන්ම, “Medical Problems in Dental Practice” සහ “Full Mouth Rehabilitation” යන මාතෘකා යටතේ සම්මන්ත්‍රණ දෙකක් ද මෙහිදී පැවැත්විණි. දන්ත වෛද්‍ය සම්මේලනය සඳහා 300 කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබූ අතර සමස්ත වැඩසටන 700කට වැඩි පිරිසකගේ සහභාගිත්වය සහිතව අතිසාර්ථකව නිමා විය.

දන්ත වෛද්‍යවරුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමටත්, ජාතියේ මුඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමටත් කැපවී සිටින සංවිධානයක් වන GDSA හා සහයෝගිතාව පිළිබඳව සිය අදහස් දක්වමින්, Link Natural හි ආයතනික ව්‍යාපෘති ප්‍රධානී සමගි රාජපක්ෂ මෙලෙස ප්‍රකාශ කළාය. “Link Natural සැමවිටම කැප වී සිටින්නේ ජනතාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම නගා සිටුවීමටයි. ඒ නිසාම, ජනතාව සඳහා ඉහළම ප්‍රමිතියෙන් යුත් දන්ත වෛද්‍ය සත්කාර සහතික කරමින්, සමස්ත ලාංකීය ජනතාවගේ මුඛ සෞඛ්‍යය වැඩි  දියුණු කිරීම සඳහාම පිහිටුවා ඇති නිල ආයතනයකට මෙලෙස සහය වීමට ලැබීම අපට ගෞරවයක්.”

1954 දී පිහිටුවන ලද, රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA), ඉකුත් 70 වසර තුළ මහජනතාව වෙනුවෙන් ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරන මුඛ සෞඛ්‍ය සේවාවක් රටේ පවත්වාගෙන යාම සඳහාම කැප වී කටයුතු කරන සංවිධානයකි. මෙම සංගමය දන්ත වෛද්‍ය සේවාවේ අවංකභාවය ආරක්ෂා කිරීමට මෙන්ම  රෝගීන්ට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එමෙන්ම, රජයේ දන්ත වෛද්‍ය සේවාවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටීන් නිර්මාණය කිරීමෙහිලා ද ඉතා වැදගත් කාර්යභාරයක් මෙම සංගමය ඉටු කරන අතර එමඟින් මහජනතාව වෙත උපරිම සුරක්ෂිභායෙන් යුතු සේවාවක් සැලසෙන බවද සහතික කරයි. එපමණක් නොව, GDSA දන්ත වෛද්‍ය වෘත්තියට අදාළ වෘත්තීය සංවර්ධනය සහ අභිවෘද්ධිය උදෙසා නිරන්තරයෙන් ප්‍රධාන ක්‍රියාකාරිකයකු ලෙසින් කටයුතු කරන සංගමයකි. ඒ හේතුවෙන්, අඛණ්ඩ අධ්‍යාපනයේ නියැළීමේ හා නිපුණතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම හඳුනාගෙන ඇති සංගමය, දන්ත වෛද්‍ය විද්‍යාවෙහි අත්කර ගෙන ඇති නවතම දියුණුව හා සමගාමීව, පුහුණු වැඩසටහන්, වැඩමුළු සහ සම්මන්ත්‍රණ රාශියක් සංවිධානය කරමින් තම සාමාජිකයින් නිරන්තරයෙන් සවිබල ගන්වයි.

වේගයෙන් පුළුල් වන නිෂ්පාදන රැසකින් සමන්විත ලින්ක් නැචුරල්, ශාකසාර ඖෂධීය නිෂ්පාදන හා පුද්ගලික සත්කාරක සම්බන්ධ දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගමකි. 1982 වසරේ අපනයන වෙළෙඳපොළට ශාකසාර සුගන්ධ තෙල් නිෂ්පාදනය කිරීමෙන් ආරම්භ කළ ලින්ක් නැචුරල් සමාගම, ගතවුණු වසර 40 පුරාම ගුණාත්මකභාවයෙන් ඉතාමත් ඉහළ නිෂ්පාදන රැසක් පාරිභෝගිකයන් වෙත පිරිනමා තිබේ. ලින්ක් නැචුරල්, ශ්‍රී ලාංකීය ජනතාවගේ මුඛ සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා පුරෝගාමියෙක් ලෙස කටයුතු කරන වෙළෙඳ සන්නාමයක් වන ලින්ක් සුදන්ත සමගින් දිවයින පුරා ‘මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්’ හා ‘දන්ත සායන කඳවුරු’ පවත්වමින්, නිරෝගී මුඛ සෞඛ්‍යයකට හිමිකම් කියන පරපුරක් බිහිකිරීමට කැපවී කටයුතු කරයි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර වසර ගණනාවක් තිස්සේම පාරම්පරික විශ්වාසය දිනාගත්, සමහන්, සුදන්ත, ස්වසථ-ත්‍රිපලා, මසල්ගාර්ඩ්, කේශා ඇතුළුව තවත් නිෂ්පාදන ගණනාවක් සමස්ත පාරිභෝගික සුව-සිද්ධිය උදෙසා වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. නිරන්තරයෙන් සිදු කරන පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාවලීන් ලින්ක් නැචුරල් හි ව්‍යාපාරික කටයුතුවල ශක්තිමත් අඩිතාලම බවට පත්ව ඇති අතර, මෙරට මාහැඟි පාරම්පරික ආයුර්වේද දැනුම, ලොව පුරා පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යරක්ෂාව හා යහපැවැත්ම සඳහා ඉවහල් වන ආරක්ෂාකාරී, ක්‍රියාකාරී මෙන්ම ප්‍රමිතිගත ශාකසාර සත්කාරක නිෂ්පාදන බිහි කිරිම සඳහා යොදාගෙන තිබේ.