බස්නාහිර පළාත් කොවිඩ් රෝගීන් තුන්ලක්ෂ එකලොහක්

0
බස්නාහිර පළාත් තුලි 23වනදා දිනය වන විට කොවිඩ් රෝගීන් තුන්ලක්ෂ එකලොහක් වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණය 132418 දක්වා ඉහළ ගොස් ඇත. මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කය තුලින් රෝගීන් 111,221 දෙනෙකු වාර්තා වී තිබේ. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන්ගේ ගණන 56672ක් වාර්තා වී ඇත.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් රෝගීන් වාර්තා වී තිබෙන අතර අඩුම කොවිඩ් දිස්ත්‍රික්කය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන දෙදහස් එකසිය අනූ දෙකකි. සමස්ත කොවිඩ් මරණ සැලකීමේදී 76.20%ක් වාර්තා වී තිබෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පිරිස්වලින් වන අතර මරණ වලින් 22.50%ක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 30-59අතර වයස් වල පිරිස්ය. වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයෙන් වාර්තා වී ඇති මරණ ප්‍රතිශතය 1.30%කි.