MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් වු සිදුවු සියලු දේ සම්බන්ධව මනා කළමණාකරණයකින් හා වගකීමෙන් යුතුව රජය කටයුතු කළා.

0

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් වු සිදුවු සියලු දේ සම්බන්ධව මනා කළමණාකරණයකින් හා වගකීමෙන් යුතුව රජය කටයුතු කළා.

·         හානිය සම්බන්ධව ලබා ගත යුතු සියලු වන්දි මුදල් ලබා ගැනීමට තවදුරටත් කටයුතු කරමින් සිටිනවා.

·         විසිරිණු භාණ්ඩවලින් සීයයට 90 ක ප්‍රමාණයක් මුහුදු පතුලට හා පරිසරයට හානි නොවන පරිදි දැනටමත් ඉවත් කර අවසන්……

අධිකරණ ඇමති 

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වු MV -X Press Pearl නෞකාව එම ස්ථානයෙන් ඉවත්  කිරීම මුහුදු පතුලට හෝ පරිසරයට කිසිදු හානියක් නොවන පරිදි සිදු කළ යුතුව ඇති බැවින් එය සිදු කරනු ලබන ආකාරය පිළිබදව නැව ගිනි ගෙන මුහුදුබත්ව ඇති ස්ථානයටම ගොස් නිරීක්ෂණය කිරීම සදහා ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි, ගරු වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, හා ගරු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා මැතිතුමන්ලා අද පෙරවරුවේ එක් විය. (2022.02.18)

නිරීක්ෂණය සිදු කරන අතරතුර අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ නැව ගිනි ගැනීම හේතුවෙන් ඉවතට විසිරුනු භාණ්ඩ ඉවත් කර අවසන් වු වහාම නැව මෙම ස්ථානයෙන් ඉවතට ගෙන යාම අදියර කිහිපයක් යටතේ ක්‍රමානුකූලව සිදු කරන බවයි.

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් වු  සිදු වු සියලු දේ මනා කළමණාකරණයකින් හා වගකීමෙන් යුතුව රජය විසින් සිදු කළ බවත්, ඒ සදහා වු වන්දි වශයෙන් මෙරට මුදලින් රුපියල් බිලියනක පමණ මුදලක් මේ වන විට ලැබී ඇති බවත්, අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට මේවන විට තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යතුමා සදහන් කළේය.

නැව ගිනිගත් මොහොතේ ප්‍රධාන කාර්ය බවට පත් වුයේ ඉන් සිදු වන ව්‍යසනය අවම කර ගනිමින් නැවෙන් තෙල් කාන්දුවක් සිදු නොවන ආකාරයෙන් හා පාරිසරික හානි නොවන අයුරින් කටයුතු කිරීම බැවින් එය මනාව සිදු කිරීමට රජය කටයුතු කල අතර ඉන් පසුව නැවෙන් විසිරුණු භාණ්ඩ ඉවත් කිරීම සිදු කළ අතර එය මේ වන විටත් සියයට 90 ක පමණ ප්‍රමාණයක් සිදු  කර තිබෙන බව ද අමාත්‍යතුමා පැවසීය.

නැව ගිලී ඇති ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු පරිසරයට හානියක් සිදු නොවන ආකාරයට සිදු  කළ යුතු ආකාරය පිළිබදව එම ස්ථානයටම ගොස් අදාළ නිලධාරීන් සමග හා නැව ඉවත් කිරීම සදහා ඉදිරිපත්ව ඇති සමාගම්වල නියෝජිතයින් සමග සාකච්ඡා කළ බව ද අධිකරණ අමාත්‍යතුමා සදහන් කරන ලදී.

සිදු වු හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා ගැනීමේ ඉදිරි කටයුතු  පිලිබදව නීති උපදෙස් ලබා ගැනීම සදහා ඕස්ට්‍රේලියානු නීති සමාගමක් සමග කටයුතු කරමින් සිටින බවත්, නැව ගිනි ගැනීමට ලක් වු අවස්ථාවේ සිට මේ දක්වා සියලු කටයුතු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා එක්ව කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් අමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.