Political fact / දේශපාලන කතාබහ

0
රට දැවැන්ත මුල්‍ය අර්බුදයක හිරවී තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ අතර විදුලි බල ඇමති හා බලශක්ති ඇමති අතර ඇති වාග් සංග්‍රාමයකි. විදුලිබල ඇමති බල ශක්ති ඇමතිගෙන් ඩීසල් ඉල්ලයි. පෙරළා ඊට පිළිතුරු දෙමින් විදුලිබල ඇමති පවසන්නේ ඩීසල් බොලබුණහොත් විදුලිය කැපීමට සිදුවන බවය. කෙසේවෙතත් අවසානයේදී අපා දුක් විදින්නේ ජනතාවය.
කෙසේවෙතත් ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සිත් තුළ ඇති කරුණු කාරණා එළිමහනේ කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබතුමාට නොයෙකුත් චෝදනා එල්ල කරනවා. ඔබතුමා රජවෙන්න ඉන්නවා කියලා ? “මේ රටේ ජනතාව අපිට ඡන්දේ මේ එක එකාට රජවෙන්න නෙමෙයි. ඒ නිසා අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා නම් ඒ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය අපි අනුගමනය කළ යුතුයි. අපි කවුරුත් තනි තනියෙන් රජවෙන්න උත්සහ නොකර ජනතාව රජකරවන්න උත්සහ කරොත් හොඳයි මේ අපහසු අවස්ථාවේ. නාමල් පැවසුවේය.
මොකද ගෝලීය වසංගතයක් තියෙනවා. ලංකාවට ඒ වසංගතය බලපාලා තියෙනවා. ගෝලීය ආර්ථික අවපාතයක් තියෙනවා. අපේ රටේ ආර්ථිකයට යම්කිසි බලපෑමක් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ මං හිතන්නේ අපි එක එක්කෙනා රජවෙන්න දඟලනවා වෙනුවට අපිට ජනතාව ඡන්දේ දීපු පොරොන්දු ඉෂ්ට කරොත් තමා මේ රටේ ජනතාව රජකරවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පෞද්ගලික මතිමතාන්තර පැත්තක තියලා ජනතාවගේ අවශ්‍යතා ඉටුකරගන්න මැදිහත් වුණොත් හොඳයි.” යනුවෙන්ද ඔහු කිවේය.
කොළඹ නුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ඉකුත් සෙනසුරාදා ජනතා අයිතියට පත් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේත් ප්‍රධානත්වයෙනි.
මීරිගම අධිවේගී පිවිසුම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා තිබීම නිසා ගම්පහ දිස්ත්‍රික් නායකත්වය උසුලන ප්‍රසන්න රණතුංග මහතා තරමක් කාර්‍යබහුල විය.
මීරිගම සංවිධායක කෝකිලා හර්ශනී ගුණවර්ධන මන්ත්‍රීවරිය සමග එක්ව මෙම උත්සවය සංවිධානය කිරීමේ වගකීම පැවරී තිබුනේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාටයි.
හරියටම සවස 4 වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීරිගම අධිවේගී පිවිසුමට පැමිණියේය. ඒ සමගම අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ,නාමල් රාජපක්ෂ මහතාත් එහි පැමිණියහ. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තවත් මහජන නියෝජිතයින් පිරිසක් ඒ වන විටත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බලාපොරොත්තුවෙන් එහි රැදී සිටියහ.
අගමැතිවරයා ගේ සුරතින් අධිවේගී පිවිසුමේ සමරු පලකය නිරාවරණය විය.
මේ සෑම අවස්ථාවකම ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා, අගමැතිවරයා ආසන්නයේම රැදී සිටියේය.
ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක්ව පීත්ත පටිය කපා මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව පිරිස අධිවේගී මාර්ගය ඔස්සේම කුරුණෑගල සංවිධානය කර තිබූ උත්සවය සදහා සහභාගිවීමට පිටත් වූහ.
නාමල් ඇමැතිවරයා ජනාධිපතිවරයා නැගි වාහනයේ රියදුරු විය. ජොන්ස්ටන් ඇමැතිවරයා අගමැතිවරයා නැගි වාහනයේ රියදුරු විය.
නාමල් ඇමතිවරයා වාහනයට නැගීමට යන අතරේ “අයියේ, එන්න අපිත් එක්ක යමු” යි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ට කීවේය.
” ඔව් ..ඔව්.. ප්‍රසන්න අපිත් එක්ක යමු” ජනාධිපතිවරයා ද කීවේය.
ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ජනාධිපතිවරයාගේ වාහනයේ පිටුපස අසුනට ගොඩවිය.
අධිවේගී පිවිසුමේදී නියමිත මුදල් ගෙවූ වාහන කුරුණෑගල දක්වා ගමන් ඇරඹීය.
වාහන ගමන් ඇරඹීමත් සමග අගමැතිවරයා “කෝ අපේ ප්‍රසන්න “යි ජොන්ස්ටන් ඇමතිවරයාගෙන් විමසුවේ ආපසු හැරී පිවිසුම දෙස බලන අතරේයි.
“ප්‍රසන්න ඇමතිතුමා  ජනාධිපතිතුමාගේ වාහනයට නැග්ගා. “
“ආ.. කමක් නැහැ.කමක් නැහැ . මං බැලුවේ කෝ කියලා” අගමැතිවරයා කීවේය.
ඒ සමගම ආරක්ෂක රථ පසු කරමින් අගමැතිවරයා ගමන් ගත් වාහනය වේගයෙන් ඉදිරියට ගෙන ගිය ජොන්ස්ටන් ඇමතිවරයා ජනාධිපතිවරයා ගමන් ගත් වාහනයට සමාන්තරව අගමැතිවරයාගේ වාහනයද ධාවනය කලේය. ඒ අතරතුර ප්‍රසන්න ඇමැතිවරයාට අතින් සංඥා කලේ වාහනයේ වීදුරුව පහත් කරන ලෙසයි.
” අයියාට මොකක් හරි කියන්න යන්නේ” යි නාමල් ඇමතිවරයා කීමත් සමග ජනාධිපතිවරයා ද එදෙස බැලුවේ එය අනුමත කරමිනි.
ප්‍රසන්න ඇමැතිවරයා වාහනයේ වීදුරුව පහත් කලේය. ඒ සමග ඇමතිවරයා දුටු අගමැතිවරයා සිනහසුනේ “ආ ඔය ඉන්නේ” කියන්නා සේය.
එය එසේ වෙද්දී ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන ඉලෝන් මස්ක්ගේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිවේය. ඉන්දියාවේ මෙම කර්මාන්ත ශාලාවක් ඇරඹීමට සැලසුම් කළ ද ඉන්දියාවේ සහාය නොලැබීම නිසා එය කරගැනීමට නොහැකිව ඇති හෙයින් ඉලොන් මස්ක් සමග සාකච්ඡා කර එම අවස්ථාව ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා. තම පියා වන රණසිංහ පේරමදාස සිටියේ නම් එය සිදුකරන බව තමන්ට වුව එය කළ හැකි බවත් සජිත් ප්‍රේමදාස මේ ගැන අදහස් දක්වමින් පැවසුවේය.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික සිය නඩු දිනයට පෙර දින රෝහල්ගතව වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන ඇත්තේ වංචාකාරී ලෙස බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ අනාවරණය වුනේ ද මේ අතරතුරදීය.
ඒ රාජගිරිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව අද (21) කොළඹ මහාධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු ව බරපතළ රිය අනතුරකට ලක්කොට ඊට අදාළ සාක්ෂි වසන්කිරීම ඇතුළු චෝදනා පාඨලී චම්පික ඇතුළු පිරිසට එරෙහිව එල්ල වී තිබේ. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබීය.
“ස්වාමීනි… අධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව රෝහල්ගතව සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් අපරාධ කොට්ඨාශය නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉකුත් 10 වනදා රෝහල්ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝගී තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බව සඳහන් කර තිබෙන්නේ.
මොහුට මාසයක පමණ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වන දා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතළ තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද?
මෙය නඩුව චේතනාන්විතව කල්තබා ගැනීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විත්තිකාර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10 ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය “සාමාන්‍ය” බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා නඩු විභාගය කල්දමා ගැනීමේ අරමුණින්ම විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව අපට පෙනී යනවා.
ස්වාමීනි.. මේ සඳහා එක්කෝ විත්තිකරු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගය පැවැත්විය යුතුයි. එසේත් නැතිනම් එම නඩුව දිනපතා විභාගයට ගත යුතුයි.”
ඒත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුරවීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදුවූ බව සඳහන් කළේය.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මෙසේ පැවසීය.
“විත්තිකරු නිත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මෙම නඩු විභාගය කල්දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වන්නේ නැහැ. ඒක ඔහුට තිබෙන නිත්‍යානුකූල අයිතියක්. නමුත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුකළ පරීක්ෂණවලින් විත්තිකරු “සාමාන්‍ය” තත්ත්වයේ පසුවන බව සඳහන් කර තිබෙනවා. විත්තිකරු අධිකරණයේ පෙනීසිටීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයේ පවතින බවත් සඳහන් කර තිබෙනවා. නඩුව කඩිනමින් අවසන් කිරීම අධිකරයේ අරමුණයි.”
මිල්කො ආයතනයේ සභාපති ධූරයෙන් ලසන්ත වික්‍රමසිංහ එම ධූරයෙන් ඉවත් කළේ ඔහු එම තනතුරට පත්කළ විද්වත් මණ්ඩලය විසින් බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ, ජනාධිපතිතුමා බලයට පත් වූ අවස්ථාවේ රාජ්‍ය ආයතන සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමට විද්වත් මණ්ඩලයක් පත් කළ බවත් එම මණ්ඩලය අදාළ පුද්ගලයින්ගේ කාර්ය සාධනය බලා ඔවුන් උසස් කිරීමට හෝ වෙනස් කිරීමට නිර්දේශ ලබා දෙන බවත් ය.