කාල්ටන් පෙර පාසල් දරුවන්ගේ කැරොල් ගී මිහිර විඳි අග්‍රාමාත්‍යතුමා

0

කාල්ටන් පෙර පාසල් සමුහයේ දකුණු පළාත් ශාඛා එක්ව සංවිධානය කළ වාර්ෂික ‘‘නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021’’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින තංගල්ල කාල්ටන් පෙර පාසලේ දී පැවැත්විණි.

කාල්ටන් පෙර පාසල් සමූහයට අයත් බෙලිඅත්ත, වීරකැටිය, රන්න, වලස්මුල්ල,මාතර හා තංගල්ල පෙර පාසල්වල දරු දැරියෝ ප්‍රසංගය විචිත්‍රවත් කරමින් කැරොල් ගී ගායනා කළහ.

සිය හැකියාවන් වේදිකාව මත ඉතා දක්ෂ ලෙස විදහා පෑ කාල්ටන් පෙර පාසල් දරු දැරියන් අග්‍රාමාත්‍යතුමාගේ ඇගයීමට ලක්විය.

කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් කළ සියලුම පෙර පාසල් දරු දැරියන්ට ප්‍රසංගය අවසානයේ කාල්ටන් පෙර පාසලේ විදුහල්පති හා අධ්‍යක්ෂිකා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය අතින් ත්‍යාග හා සහතිකපත් පිරිනැමිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, ලංකා ලුණු සංස්ථාවේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.