එක්ප්‍රස් පර්ල් සාන්ද්‍රණ නිසා කැස්බෑවන් 4000ක් මියයයි

0

එක්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් එහි තිබු රසායනික සාන්ද්‍රණ සාගරයට මුසුවීම නිසා කැස්බෑවන් 4000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී තිබේ.

එම අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනි ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ මියගිය කැස්බෑවුන්ගෙන් සියයට 10ක ප්‍රමාණයක් වූකැස්බෑවන් 370කගේ සිරුරු සංඛ්‍යාවක් සොයා ගැනීමට හැකිවූ බවයි.

මෙයට අමතරව ඩොල්ෆින් මත්ස්‍යයින් 36ක්ද,තල් මසුන් 7 ක්ද වශයෙන් සිරුරු වෙරළ තිරයට ගොඩ ගසා තිබියදී හමු වී තිබේ.
පරිසරවේදී නයනක රන්වැල්ල මහතා ප්‍රකාශ කළේ මෙම අනතුර නිසා කැස්බෑවුන් 8000ක්ද,තල් මසුන් 16ක්ද,ඩොල්ෆින් මත්ස්‍යයින් 100ක්ද වශයෙන් මියගොස් ඇති බවයි.