“මෙරට එක් පිරිමියෙකුට කසාද දෙකක්” ව්‍යාජ වැඩක්

0

එක් පිරිමියෙකුට කසාද දෙකක් කර ගැනීමට නීත්‍යනුකූල බව ලබාදීම යන ශීර්ෂය යටතේ පනත් කෙටුම්පතක ආකෘතියක් ලෙස සකස් කෙරුණු ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වීම සම්බන්ධයෙන් අදාල පාර්ශවය වෙත නීතිමය පියවර ගන්නා ලෙස කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ය පියල් නිශාන්ත මහතා අදාල අංශ වෙත උපදෙස් ලබා දුන් බව පවසයි.

එම පනත් ලේඛනයේ දැක්වෙන්නේ මානව ජනගහන වර්ධනය වීමේ නූතන හැඩය අනුව පුරුෂයන්ට වඩා කාන්තා ප්‍රමාණය වර්ධනය වෙමින් ඇති බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන බැවින් විවාහ ජීවිතයට ඇතුළත් වීමේ අයිතිය බොහෝ කාන්තාවන්ට අහිමි වන බවයි.

මෙය එම අයිතිය තහවුරු කිරීම වස් සකස් කොට විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතකි යනුවෙන්.එහි සඳහන්ව ඇති අතර එය මූලික කාරණා දහයක් යටතේ මෙම පනත් කෙටුම්පත හරහා යෝජනා ඉදිරිපත් කර තිබේ.

එහි පළවෙනි යෝජනාවේ දැක්වෙන්නෙ මෙම පනත තුළින් බලය පැවරෙනුයේ, පුරුෂයකුට කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගැනීම මිස එක් කාන්තාවකට පුරුෂයෙන් දෙදෙනකු විවාහ කර ගැනීම නොවේ යන්නයි.