Political Fact / දේශපාලන කතාබහ

0
ඒ වෙලාවට එන ප්‍රශ්න, ඒ වෙලේ විසඳ ගැනීමේ තියරිය
 අමාත්‍යවරුන් දෙපළ කටුනායක ගුවන් තොටුපලේ සිට කෙළින්ම පැමිණියේ පාර්ලිමේන්තුවටයි.
ඒ වන විටත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබිනේ නැත. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා, ප්‍රසන්න රණතුංග  අමාත්‍යවරයා හා කාංචන විජේසේකර අමාත්‍යවරයා නොපැමිණි මන්ත්‍රීවරු කවුදැයි සොයා බලමින් ඒ ඒ මන්ත්‍රීවරුන්ට දුරකතනයෙන් ඇමතීය.
” මන්ත්‍රතුමා , කොහෙද ඉන්නේ….ලග ද…හරි හරි..කොහෙද කියලා බැලුවේ ”  ඒ වන විටත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ව ආසන්නයේ වූහ.
සියලු මන්ත්‍රීවරුන් අයවැය ගණන් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටීම එදින වැදගත් කාරණයක් විය.
මේ වන විට ආණ්ඩුව සතු  තුනෙන් දෙකේ බහුතරය ආණ්ඩුව ට අහිමිව ඇතැයි විපක්ෂය ගෙන යන  ප්‍රචාරයට ප්‍රතිචාර දක්වන්න මෙය සුදුසු ම අවස්තාව  ලෙස මන්ත්‍රීවරන් කල්පනා කලේය.
විශේෂ අවස්ථාවල ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරු සමග සාකච්ඡා කිරීම ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ක්‍රමවේදය යි. එදිනත් චන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඔවූහු සාකච්ඡා කලහ.
ඒ සාකච්ඡාව අතරතුර නිමල් ලංසා ඇමතිවරයා ” විපක්ෂය හිතන් ඉන්නේ ආණ්ඩුව ඇතුළේ අර්බුද තියෙනවා කියලා”
” ඔව්..ඔව්.. ආණ්ඩුවේ සහයෝගය පෙන්නන්න පුළුවන් හොදම අවස්ථාව මේක තමයි” සහන් ප්‍රදීප් කීවේය.
” ඔය වගේ කතා මටත් ආරංචි වුණා” කෝකිලා මන්ත්‍රීවරියද තමන්ට ලැබුනු ආරංචි කීවාය.
” ඔය අපිට එන ආරංචි හදන්නෙත් විපක්ෂයමයි.
ඒගොල්ලන්ට ඕනේ  ආණ්ඩුවට බහුතරයක් නැති බව ජනතාවට ඒත්තු ගන්වන්න.” ප්‍රසන්න රනතුංග අමාත්‍යවරයා කීවේය.
” එයාලා හදන කටකථාතමයි අපිටත් එන්නේ. ඔහොම තමයි ඒගොල්ලො ජනමතය වෙනස් කරන්න උත්සහ කරන්නේ” නැවතත් නිමල් ලංසා කීවේය.
මෙවර අයවැයෙන් සංචාරක ව්‍යාපාරයට කිසිදු සහනයක් ලබා දී නොමැති බව බොහෝ අය පවසයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වන යම් යම් ප්‍රචාර හේතුවෙන් ක්ෂේත්‍රයේ නියුක්තිකයන් අතර ඒ පිළිබඳව කසු කුසුවක් ඇති විය.
මෙය සංචාරක අමාත්‍යවරයා ගේ ද කන වැකිනි. අයවැයෙන් නොකීවද සංචාරක ක්ෂේත්‍රයට දී ඇති සහන තමා දැන සිටීම පමනක් ප්‍රමානවත් නොවන බව තීරණය කල අමාත්‍යවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මහ බැංකු අධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලා සිටියේය.
ඒ සදහා ඉකුත් බදාදා දිනය වෙන්විය. ”   සංචාරක ව්‍යාපාරය කඩා වැටිල තියෙන මේ වෙලාවේ අයවැයෙන් සංචාරක කර්මාන්තය නොසලකා හැරලා කියලා චෝදනාවක් එල්ල වෙනවා” ඇමතිවරයා කතාව ආරම්භ කලේය.
” ප්‍රසන්න ඒ ගැන ඇත්ත නැත්ත දන්නවානේ”
” කොවිඩ් ආපු වෙලාවෙ ඉදල ක්ශේත්‍රයට දීපු සහන දිගටම දෙනවා. ඒත් යන ආරංචි එක්ක මම දැනගෙන හිටියට විතරක් බැහැ වගේ. ක්ෂේත්‍රයේ අයගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවාට විසදුම් ඕනි වෙනවා”
” ඔව් අපි ඒ ප්‍රශ්න විසදන්න ඕනේ. මේක අමාරු අවස්ථාවක් “
”  ලීසිං කොම්පැනිවලින් වාරික අයකිරීම් ප්‍රශ්න තියනවා. ගෙවන්න තියෙන වාරික වලට අමතරව ගෙවන්න කියනවාලු. උදාහරණයක් විදිහට 60000 ගෙවන්න තිබුණු අයට ප්‍රමාද ගාස්තු එකතු කරලා 100000ක් ගෙවන්න කියනවාලු. මේ වෙලාවේ ඒක මිනිස්සුන්ට කරන අසාධාරණයක්”
”  එහෙම වෙන්න විදිහක් නෑ අපි කියලා තියෙන්නේ එහෙම කරන්නේ කියලා නෙමේ”
” ඒ උනාට වෙන්නේ ඒකනෙ” අමාත්‍යවරයා කීය.
“ඒ වගේ ප්‍රශ්න හොයල බලලා වාර්තා කරන්න.ඒ මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න බැහැ”
“සමහර මිනිස්සු ලීසින් ඇරියස්  කරන් තියෙන්නෙ පාස්කු ප්‍රහාරය ටත් කලින්. එතකොට ඒ අයගේ ඇරියස් ඒ කාලේ මේ සහනයට අදාල නැහැ  කියන කාරණය තමයි මේ ලීසින් කම්පැනි අවධාරණය කරන්නේ”
” එහෙම වෙන්න පුළුවන් ඒ වුණත් මේ වෙලාවේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න අය දැඩි අපහසුතාවයක ඉන්නේ”
”  සංචාරක ව්‍යාපාරය යළි හිස ඔසවන තෙක් මේ සහන ටික දීර්ඝ කරන්න පුළුවන් නම් හොඳයි අධිපතිතුමා”
”  ඒ ගැන අපි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ ගැන අවශ්‍ය පියවර ගන්නවා”
ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කිරීම 25 දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්තාවට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අවස්තාවේ
” වැඩ වැඩි වෙලාවක්. ඒත් ප්‍රසන්නට බැහැ කියන්නේ කොහොමද ” කියමින් අග්‍රාමාත්‍යවරයා ආරාධනය පිලිගත්තේය.
” මට එක පැයක් දෙන්න අගමැතිතුමා. මම වැඩේ පැයෙන් ඉවර කරනවා.”
” ප්‍රසන්න ගැන මම දන්නව නේ” අගමැතිවරයා කීය.
උත්සව සංවිධායක කමිටුව ඇමතී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ” හරි අමාරුවෙන් අගමැතිතුමාගෙන් පැයක කාලයක් ගත්තේ. මම වැඩේ පැයෙන් ඉවර කරන්න පොරොන්දු උනා. උත්සවයේ කතා කෙටි කරන්න.ආශ්‍යම කතා දාන්න. මට කතා දාන්න එපා” කාලය කලමනාකරණය කිරීම සදහ කල හැකි උචිතම තීරණය ගනිමින් ඇමතිවරයා කතාව ප්‍රතික්ෂේප කලේය.
ඒ අනුව බොහෝ දෙනෙක් කතා කිරීමේ අදහස අත් හැරීය.
පොරොන්දු වූ පරිදි පැයක කාලයක් ඇතුළත අග්‍රාමාත්‍යවරයා නිදහස් කිරීම අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව විය.
අග්‍රාමාත්‍යවරයා පැමින  සමරු පලකය විවෘත කිරීමෙන් පසුව උත්සවය ඇරඹිනි. උත්සවය අවසන් වන තෙක් අමාත්‍යවරයා නිතරම සිය ඔරලෝසුව දෙස බැලීය.
හරියටම පැයෙන් උත්සවය අවසන් විය.
” අගමැතිතුමා හරියටම පැයයි වැඩේට ගියේ”
” ප්‍රසන්න ගැන මම දන්නවනේ” කී අග්‍රාමාත්‍යවරයා ප්‍රසන්න ඇමතිතුමගේ පිටට තට්ටුවක් දමමින් සූදානම් කර තිබූ තේ මේසය වෙත ගියේය.
ආරාධිතයින් තේ බොන අතරේ ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු පිලිබද සාකච්ඡා විය.
” කොරෝනා කියල වැඩ නතර කල නම් අද මේවා විවෘත කරන්න පුලුවන් වෙනවාද. මොන ප්‍රශ්න ආවත් රටක සංවර්ධන කටයුතු නතර වෙන්න හොද නැහැ . මේවා අනාගතයට කරන ආයෝජන ” අගමැතිවරයා කීවේය.
” අගමැති තුමා කිව්ව විදියට මම ඒ වැඩ දිගටම කලා. ඒකට අපේ කම්කරුවාගේ ඉදලා ඉහලට යනකල් හැම නිලදාරියෙක්ම කැප වුනා” අමාත්‍යවරයා කීවේය.
” හරි දිනේට මේ වැඩ ඉදිරියට අරන් ගියා නම් මෙහෙම වෙන්නෙ නැහැ.මේ වෙනකොට රටට හොද ආදායමක් ගලා එන තැනක් වෙන්න තිබුනා”
නෙලුම් මලේ හැඩයත් ප්‍රශ්නයක් වෙලා
” නෙලුම් මලේ හැඩයත් ප්‍රශ්නයක් කර ගත්තනේ” ප්‍රසන්න රනතුංග ඇමතිවරයා සිනාසෙමින් කී විට ” නෙලුම් මලේ කොලේ කලා කියලා රටට මොනවද ලැබුනේ. ඒකට විතරක් මොන තරම් නහස්තියක් කලාද. මේවා රටේ සල්ලි” යි අගමැතිවරයා කීවේ පහුගිය රජයේ නිසි දැක්මක් නැති වැඩපිළිවෙල නිසා රට ආපස්සට ගිය ආකාරය ද සිහිපත් කරමිනි.