පාලම් පාරු සදහා නව නීති

0
පාලම් පාරු සදහා නව නීති හදුන්වාදීමට රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇති පාලම් පාරු හා බෝට්ටු සදහා අවසර ලබාදීමේදී නව නිර්ණායක හදුන්වාදීමටයි තීරණය කර ඇති බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පැවසුවාය.
එමෙන්ම පාලම් පාරු සම්බන්ධයෙන් විශේෂ තත්ත්වය පරීක්‍ෂාවක්ද සිදු කිරීමට තීරණය කර ඇත. පසුගියදා කින්නියා කලපුවේ දී පාසල් දරුවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුට මරු කැදවමින් පාලම් පාරුවක් පෙරලී ගියේය. එම සිද්ධියෙන් පසුව මෙලෙස තීරණය කර ඇත.