අලුත් කොවිඩ් Omicron නිසා රටවල් රැසක තොටුපොළවල තදබදයක්

0
මේ වන විට ලොව රටවල් කිහිපයකින් හමුවූ දැඩි විකෘතිතාවයක් පෙන්නුම් කරනු ලබන  B.1.1.529 කොවිඩ් ප්‍රභේදය “Omicron” ලෙස නම් කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත් අතර එය දැඩි සැලකිල්ලක් දැක්විය යුතු කොවිඩ් ප්‍රභේදයක් ලෙසද ලැයිස්තු ගත කර තිබෙනවා.
අනෙකුත් ප්‍රභේද හා සසඳන විට මෙම ප්‍රභේදය සමඟ නැවත ආසාදනය වීමේ අවදානම වැඩි බව මූලික පර්යේෂණ මගින් හෙළිවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
මෙම ප්‍රභේදය ප්‍රථම වරට ලෝක සෞඛ්‍ය සංවිධානය දකුණු අප්‍රිකාවෙන් වන අතර. එය බොට්ස්වානා, බෙල්ජියම, හොංකොං සහ ඊශ්‍රායලයෙන් ද හඳුනාගෙන ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව ප්‍රභේදයේ බලපෑම තේරුම් ගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බවයි.
නව කොවිඩ් ප්‍රභේදයත් සමග ලොව රටවල් රැසක් ගුවන් ගමන් තහනමක් පැනවීමට පියවර ගෙන ඇති අතර, මේ සමග යුරෝපය ඇතුළු රටවල් රැසක ගුවන් තොටුපොළවල දැඩි තදබදයක් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.