55 විශ්‍රාම යන්න පුළුවන්

0
ජනවාරි පළමු වනදායින් පසුව 55න් පසු කැමති අයෙකුට විශ්‍රාම යාමට හැකි බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මේ දෙසැම්බර් මස අගදී විශ්‍රාම යන පුද්ගලයන් ද මේ වනවිට කුතුහලයෙන් පසුවන බව පවසමින් එම තීරණය ක්‍රියාත්මක වන දිනය පිළිබඳව විමසූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.