පොහොර ආනයනට අවසර

0
රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීරනාශක ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අද (24) සිට අවස්ථාව ලැබේ.
ඒවා ආනයනය තහනම් කරමින් පසුගිය අප්‍රේල් මස 26 වනදා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අද දින සිට අවලංගු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් වීමට නියමිතය. එහෙත් හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද පැවසු ඔහු මෙසේද පැවසුවේය.
“අප කවුරුත් 2021 අප්‍රේල් 26 වනදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා හරිත කෘෂිකර්මාන්තයක් කරා යොමු කිරීමට ඒ අනුව එම කැබිනට් තීන්දුවට අනුව රසායනික පොහොර ඒ වාගේම පළිබෝධනාශක ඒ වාගේම දිලීරනාශක සහ වල්නාශක සම්පුර්ණයෙන් ආනයනය තහනම් කිරීම සඳහා ගැසට් පත්‍රයක් ඒ සමගම නිකුත් කළා. අද වෙනකොට පුරා මාස 7කට දින දෙකක් අඩුයි මේ වෙනකොට මේ තීන්දුව අරගෙන. ඒ සියලු අභියෝග හමුවේ මේ පරිසර හිතකාමි කෘෂිකර්මයට ගොවීන් මේ මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් තිබුණත් අද වෙන කොට 650,000ක් ගොවිබිමේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් ජනතාවට සංවේදි ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දු කළා අප්‍රේල් මාසේ 26 වනදා ගැසට් කරන ලද අද දින සිට ඉවත්කර ගත්තා. ඒ අනුව අද දින සිට රසායනික පොහොර, පළිබෝධනාශක අවස්ථාව ලැබෙනවා. හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා විකුණන්න අවස්ථාව ලැබෙනවා.”