අධිවේග මාර්ගවල ගාස්තු ගෙවීම ඩිජිටල් වෙයි

0
අධිවේග මාර්ගයන්හි ගාස්තු අයකිරීම “LANKAQR” හරහා ඩිජිටල්කරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි විය.
රට තුළ භෞතිකව මුදල් භාවිතය අවම කිරීමේ අරමුණින් මෙය හඳුන්වා දී ඇත. LANKAQR ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම සඳහා සියලුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව සඳහන් වියමාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළමනාකරණය කරනු ලබන අධිවේග මාර්ගවල අතින් ගාස්තු ගෙවීම් එකතු කිරීමේ දොරටු සඳහා “LANKAQR” හඳුන්වාදීමට යෝජනා වී ඇත.
සිය ජංගම දුරකථනයේ අදාළ මුදල සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අයකිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්පර 8-10ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම සිදුකිරීමට අධිවේග මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට හැකිය.