කොවිඩ් එන්නත ගැන බලධාරීන්ගෙන් පරස්පර විරෝධී ප‍්‍රකාශ

0
කොවිඩ් එන්නත ගැන බලධාරීන්ගෙන් පරස්පර විරෝධී ප‍්‍රකාශ – සෞඛ්‍ය බලධාරීනගේ ප‍්‍රකාශ ගැනත් විශ්වාසයක් තබන්න බෑ – කෝවිඩ් මරණ වැලැක්විමේ එකතමුතුව
එන්නත්කරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් එකිනෙකට පරස්පර අදහස් ඉදිරිපත් කරමින් සිටින බවත්, එන්නත්කරණය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රකාශ විශ්වාසනීයභාවයකින් තොර බවත්, ඒවා පිළිගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් කෝවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව අවධාරණය කරයි.
රටේ එන්නත්කරණය ආරම්භවූ අවස්ථාවේදී ඇස්ට‍්‍රසෙනිකා එන්නත හොදම එන්නත යැයි කියූ බලධාරීන්, එම එන්නත ගෙන්වීමට නොහැකි වන විට සයිනොෆාම් එන්නත් තොග ලංකාවට ගෙන්වමින් තමන්ට ලැබෙන එන්නත හොදම එන්නත යැයි විශ්වාස කරන ලෙස ඉල්ලා සිටියේය. ඉන් පසුව ෆයිසර් එන්නත් මාත‍්‍රා තොග ලැබෙන විට සයිනොෆාම් එන්නතේ ප‍්‍රතිශක්තීකරණ බලය සති 12කින් පහළ යන බව පැවසුවේය.
ඇමරිකාව විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ් ප‍්‍රතිශක්තීකරණ කරල ආනයනය කිරීමට සැලසුම් සකස් කරන විට ෆයිසර්, මොඩර්නා හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්ත්වල ප‍්‍රතිශක්තීකරණ බලය සියයට පනහකින් පහළ යන බව සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ කිසිදු විශ්වාසනීයත්වයකින් තොර එකිනෙකට පස්පර ප‍්‍රකාශයන් ඉදිරිපත් කරමිනි.
ආර්ථික අර්බුදය හමුවේ රටේ ඉතිරිව ඇති ඩොලර් ප‍්‍රමාණය වැය කරමින් කොවිඩ් ප‍්‍රතිශක්තීකරණ කරල ආනයනය කිරීමෙන් පසුවත් මෙවැනි ප‍්‍රකාශ කිරීමට හැකි යැයි අප විශ්වාස කරන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ ප‍්‍රකාශ පිළිබද විශ්වාසයක් තැබිය නොහැකි නිසාය.
මේ අතර එන්නත ලබාගැනීමෙන් පසුව කොවිඩ් වෛරසය ආසාදනය නොවන බව පැවසූ අතර පසුව වෛරසය ආසාදනය වන නමුත් මාරාන්තික නොවන බව සදහන් කළේය. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංසගත රෝග විද්‍යා අංශය මගින් කළ සමීක්ෂණයක් මගින් එන්නත් දෙකම ලබාගත් පුද්ගලයින් 714 දෙනෙක් මිය ගොස් ඇති බව අනාවරණය කරගෙන තිබේ. කොරෝනා ආසාදිතව මිය ගිය 11669 දෙනෙක් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයේදී තවදුරටත් අනාවරණය වී තිබෙන්නේ එක් එන්නතක් පමණක් ලබාගත් පුද්ගලයින් 2189 දෙනෙක් මිය ගොස් ඇති බවය.
මෙම දත්ත දෙස බලන විට එන්නත් දෙකම ලබාගත් පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ අගයක පැවතීම එන්නත්කරණයේ ඵලදායීතාවය යළිත් ප‍්‍රශ්ණ කරන්නකි.
කොවිඩ් එන්නත් ලංකාවට ගෙන්විමේදී ඒ සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුව ඇති අතර මේ වන තෙක් ඒ සදහා කොතරම් ඩොලර් ප‍්‍රමාණයක් වියදම් කළේද යන්න ගැන නිශ්චිත සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර නැත. එවැනි තත්වයක් තුළ බූස්ටර් එන්නතක් ලෙස තවත් එන්නත් මාත‍්‍රාවක් ලබාදීමට පියවර ගනිමින් සිටින අතර සියලුම පුද්ගලයින්ට තුන්වැනි මාත‍්‍රාව ලබාදීම සදහා කොතරම් ඩොලර් ප‍්‍රමාණයක් රටින් පිට කිරීමට සිදුවන්නේද යන්න ගැන නිශ්චිත තක්සේරුවක් කර නැත.
ඩොලර් අර්බුදය හමුවේ වාර්ශිකව එන්නත්කරණ සදහා ප‍්‍රමාණවත් ආර්ථික ශක්තියක් රටට නොමැති බව පැහැදිළිය. මේ නිසා විදේශ රටවලට මුදල් ගලා යන නැවත නැවත එන්නත්කරණය වෙනුවට දේශීය හා ආර්යුවේද වෛද්‍ය ක‍්‍රමයේ ඇති ප‍්‍රතිශක්තිය වර්ධනය කරන විද්‍යාත්මක ක‍්‍රමවේදයන් කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි අපි අවධාරණය කරන්නෙමු.
එකිනෙකට පරස්පර ප‍්‍රකාශ සිදුකරනවා වෙනුවට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා, විද්‍යාත්මක පදනමක් අනුව සොයා ගෙන ඇති ප‍්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ප‍්‍රතිකාර ක‍්‍රම ගැන රජයේ අවධානය යොමු කරන ලෙසට යළිත් අප අවධාරණය යොමු කරන්නෙමු.