සහල් මිල පහලට !

0
ආනයනික සහල් සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ආනයනික සම්බා, නාඩු සහ කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබු රු 50ත් රු 60ත් අතර බද්ද ශත 25 දක්වා අඩුකර ඇත.
මෙම බදු අඩු කිරීම නොවැම්බර් 02 වන දා සිට මාස හයක් සඳහා වලංගු වෙයි. සහල් මත පනවා ඇති බදු අඩු කළහොත් සහල් ගෙන්වා පාලන මිලට ලබා දීමට සූදානම් බව ආයනයකරුවන් මෙයට පෙර සඳහන් කර තිබිණි. කෙසේ වුව ද පසුගිය සමයේ සීනි බදු අඩු කළ ද එහි වාසිය අවසානයේ ජනතාවට නොලැබිණි.