Political Fact /දේශපාලන කතාබහ

0
By: අශන්ති වරුනසුරිය  
දරුවන්ගේ අනාගතය 
පසුගිය සතිය පුරාවට දේශපාලන වේදිකාවේ කතා බහට ලක්වුයේ කාලයක් පුරාවට විවේචනය ලක් වෙමින් තිබූ පොහොර ගැටලුව, බඩුමිල තෙල් මෙන්ම ගුරු විදුහල්පති ප්‍රශ්ණය පෙරට ආවේය. එමෙන්ම ලෝකයම වශිවු මැණිකේ මගේ හිතේ ද රටතුලත් මහත් ආන්දෝලනයට ලක් වෙමින් තිබිණි. ඉතින් ලෝකයේම ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ නිවසට ආරාධනා කර තිබුණේය. එම ආරාධනය ගෞරවයෙන් පිළිගත් යොහානි ජනාධිපතිගේ මිරිහාන නිවසට ගොස් ඔවුන් සමඟ සංවාදයේ යෙදී තේ පැන් සංග්‍රහයක් ද බුක්ති විඳ මැණිකේ මගේ හිතේ ගීතයත් ගයා ජනාධිපති නිවසින් පිටත් වී ඇත.
එය එසේ වෙද්දී රජය පැවසු පරිදි ආයෙත් මම ඉස්කෝලෙට සංකල්පයෙන් පාසල් විවෘත විය. ස්ටාලින්ලා උඩගෙඩි දිදී බෙරිහන් දෙද්දී ආණ්ඩුව පුහුණු අභ්‍යාසලාභී උපාධි ගුරුවරු පාසල් වලට අනුයුක්ත කලේ වෙනත් විකල්පයක් නොමැති නිසාය. ගුරු විදුහල්පති වැටුප් වලට මෙතරම් බෙරිහන් දීමට දෙයක් නැත ගැටලුව නිරාකරණය කිරීමට පියවර රැගෙන තිබියදීත් මෙපමණකට නැටීමෙන් රටේ අනාගත පරපුරේ ජිවිත සම්පුර්ණයෙන්ම අඳුරට හෙලීමක් බව ගුරු මුසළයින්ට නොතේරෙන්නේ මන්දැයි ගැටලුවකි. ඔය කියන ආකාරයෙන් ලංකාවේ දේවල් විසදන්නට වයිමාටවත් නොහැකිය.
කෙසේවෙතත් මෙරට සමස්ත පාසල්වලින් සියයට 50ක් ආරම්භ කැරුණු ඊයේ දිනයේ සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීම අපේක්ෂා කළාටත් වඩා ඉතා හොඳ මට්ටමක පැවැතියේය. නැගෙනහිර සහ සබරගමු පළාත්වලින් විදුහල්පතිවරුන් සියය⁣ට 67ක් සහ 55ක්ද, නැඟෙනහිර සහ ඌව පළාත් තුළ පිළිවෙලින් සියයට 45ක් සහ සියයට 30ක් වශයෙන් ගුරුවරුන් සේවයට වාර්තා කර තිබුණි. පාසල්වල 1 සිට 5 දක්වා ශ්‍රේණි 25 වෙනිදා ඇරඹීමට කටයුතු යොදා ඇත
සංචාරකයින්ගෙන් පැසසුම් 
ප්‍රංශයේ පැවති සංචාරක අලෙවි ප්‍රදර්ශන වැඩසටහනකට සහභාගීවීම සඳහා ගිය සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉකුත් සඳුදා නැවතත් ලංකාවට පැමිණියේය. ඇමතිවරයා ලංකාවට පැමිණෙන බව දැන සිටි ගුවන්තොටුපල බලධාරින්  vip පිටවීමේ දොරටුව හරහා ඇමතිවරයා පැමිනේයැයි බලාපොරොත්තු වුවත්  ඇමතිවරයා පැමිණියේ සාමාන්‍ය මගින් පිටවන දොරටු වෙනි.
online ක්‍රමවේදය හරහා වීසා ලබා ගන්නා සංචාරකයින්ට ඉක්මනින්ම ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම්  සැලසීමට අදාළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇමතිවරයා  උපදෙස් දී තිබුණේ ලංකාවෙන් පිටත්වීමට පෙරයි. ඇමැතිවරයා ලංකාවෙන් පිටත්වීමට පෙර උපදෙස් දුන් පරිදි එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇද්දැයි පරීක්ෂා කිරීමට අමාත්‍යවරයා මෙලෙස කටයුතු කර තිබිණි. ගුවන් තොටුපළ සමාගමේ  සභාපතිවරයා සහ ඩී.වී චානක අමාත්‍යවරයා  සංචාරක අමාත්‍යවරයා පිළිගැනීම සදහා  ගුවන්තොටුපල පරිශ්‍රයට පැමිණ සිටි අතර පිරිස විනාඩි 45ක් පමණ කාලයක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ නිරීක්ෂණය යෙදිණ.
ගුවන් තොටුපොළේ ඒ වන විටත් සංචාරකයින් පිරිසක් රැඳී සිටියේය. ඔවුන් සමග කතා කලේය.
” ශ්‍රී ලංකාවට ඔබලා සාදරයෙන් පිළිගන්නවා. ඔබලා ගුවන්තොටුපළ සේවය ගැන සෑහීමකට පත් වෙනවාද?”
” ශ්‍රී ලංකාව ලස්සන රටක්. අපිට හොඳ පිළිගැනීමක් ලැබුණා. ඉක්මනින්ම සේවා සැපයීම සිද්ධ වෙනවා.”  අමාත්‍යවරයා සහ සංචාරකයින් අතර මෙම  සංවාදය ඇති වුණේ ඉංග්‍රීසි භාෂාවෙනි.
මේ අතර ලංකාවට පැමිණ පැය 5න් ආපසු ගිය සංචාරකයා ගැනද කිව යුතුය. ඔහු නැවත තම රට බලා පිටත්ව ගොස් වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ව ලංකාව රවට්ටු බවත් අදාල වාහනයක් ගුවන් තොටුපලට නොආපු බවකි. කෙසේවෙතත් එම සිද්ධිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රසන්න රණතුංග ඉපදෙස් ලබා දී තිබු අතරේ එහිදී අනාවරණය වූයේ අදාල සංචාරකයා තුන්වන පාර්ශයකින් බුක් කර තිබු කැබ් රථය අදාල දිනට කලින් දිනය දමා සිදු කර ඇති බවයි. එම දිනයේදී අදාල වාහනය ගුවන් තොටුපල වෙත පැමිණ පැය ගණනාවක් බලා සිට නැවත පිටත්ව ගොස් ඇත. කැබ් රථය නොපැමිණියේ නම් අදාල සේවාදායක ආයතනයට දුරකතනයක් ලබා නොදීම සහ ගුවන් තොටුපලේ ඇති වෙනත් කැබ් රථ සේවාකකට නොයෑම, එම ස්ථානයේදී නිලධාරියෙක්ට හෝ ඒ බව දැනුම් නොදීම ආදී කරුණු රැසක් සිදු නොවීම විමතියට කරුණක් බව එම විමර්ශන වාර්තාවේ සඳහන් වේ.
 
ජනාධිපති පොහොර ගැන ප්‍රසන්නට කිවුව දේ 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ලැබිනි.
” කොහොමද ප්‍රසන්න”
” හොදින් ඉන්නවා. මේ දැන් තමයි ජනාධිපතිතුමා මම ලංකාවට ආවේ”
” ප්‍රසන්න ගිය වැඩ කටයුතු සාර්ථකයි ද”
” සෑහෙන්න සාර්ථකයි”
” ඇමතිතුමාට මම කතා කරේ තවත් වගකීමක් බාර දෙන්න. ඉන්දියාවෙන් අද පොහොර එනවා. ඒ වැඩේ සංවිධානය කරන්න ඕනේ”
” හරි ජනාධිපතිතුමා, මම ඒකට අවශ්‍ය සියලු වැඩකටයුතු සූදානම් කරන්නම්”
දුරකථන සංවාදය අවසානයේ එදින සවස ඉන්දීයාවේ සිට මෙරටට පැමිණෙන පොහොර තොගය භාර ගැනීමේ කටයුතු සංවිධානය කරන ලෙස ඇමැතිවරයා ගුවන්තොටුපල බලධාරීන්ට උපදෙස් දුන්නේය.
” පොහොර තොගේ භාරදෙන්න ඉන්දියානු මහකොමසාරිස් වරයා එනවා. ඒ වගේම පොහොර තොගේ බාරගන්න බන්දුල ඇමතිතුමයි, ශෂින්ද්‍ර රාජපක්ෂ ඇමතිතුමායි එනවා. මේක රටේම පොහොර ගැන කතා කරන වෙලාවක්. ඒ නිසා ඒ වැඩේ හොඳට කෙරෙන්න ඕනෙ” ඇමතිවරයා උපදෙස් දුන්නේය.
ඒ අතර දුරකථන සංවාදයක යෙදී සිටි ඩී.වි චානක රාජ්‍ය  අමාත්‍යවරයා ” නාමල් මැතිතුමාට ඔබතුමාට කතා කරන්න ඕනේ කියනවා” කියමින් දුරකථනය ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වෙත දිගු කළේය.
” ඔව් ඇමතිතුමා”
” ප්‍රසන්න ඇමතිතුමා ලංකාවට ආවා කියලා දැනගත්තා”
” මේ දැන් ආවා විතරයි “
 ” අගමැතිතුමාට ඔබතුමාව හම්බවෙන්න ඕනේ කියනවා”
” මම පී.සී.ආර් එක කලා.ඒක නෙගටිව්. ප්‍රශ්නයක් නැත්නම් මට දැන් එන්න පුළුවන්”
“ප්‍රශ්නයක් නැහැ ඇමැතිතුමා. “
” මම දැන් කොළඹ ගෙදරට එනවා.ඊට කලින් අගමැතිතුමාව හම්බවෙනවා “
ඒ මොහොතේම  අගමැතිවරයා මුණගැසීම සඳහා පිටත්ව ගිය සංචාරක ඇමතිවරයා හා අගමැතිවරයා අතර පැයක පමණ සාකච්චාවක් පැවතියේය.
ඉන්දියා ලංකා යාළුවන්ගේ ෆිට් එක වැඩි කල කුසිනාරාම ගුවන් තොටුපළට
බදාදා අළුයම හතරට ගුවන්තොටුපල පරිශ්‍රය තරමක් කාර්යබහුල විය. වෙනදා නොවූ තරම් භික්ෂූන් වහන්සේලා වැඩම කර තිබිණි. ඒ ඉන්දියාවේ කුසිනාරාම නුවර නව ගුවන් තොටුපළට පිටත්ව යන පළමු ගුවන්යානයෙන් ඉන්දියාව බලා යන පලමු මගී කණ්ඩායමට එක්වීමටයි.
අගමැතිවරයාත් සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර  zoom තාක්ෂණය  ඔස්සේ පැවති සංවාදයක් අතරතුර මෙම අවස්ථාව සඳහා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කර තිබිනි.බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයන පිහිටා ඇත්තේ කුසිනාරා නුවරයි. ලංකාවේ ලෙස සැදැහැවත් බෞද්ධයින් මෙම ස්ථානය දැක වැඳ පුදා ගැනීම සඳහා විශාල වශයෙන් පිටත්ව යයි. මෙම ස්ථානයට යාමට දිගු කාල වේලාවක් ගත වේ. නව ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමග ඉතා කෙටි වේලාවකින් කුසිනාරාම නුවරට සෘජුව ගුවනින් ගමන් ආරම්භ කිරීමට හැකි වේ.
සංඝයා වහන්සේ සදහා  ගිලන්පස ඒ පිලිගැන්වීමෙන්  අනතුරුව පැමිණි අය දෙනා ගුවන් යානය වෙත ගමන් කළේය. ගුවන් යානයේ ඉදිරි පෙළ අසුන් මහා සංඝරත්නය වෙනුවෙන් වෙන් කර තිබුණි. පසුපෙළ අසුන්වල නාමල් රාජපක්ෂ  අමාත්‍යවරයා ඇතුළු ගිහි පිරිස අසුන් ගත්තේය.
ගම්ටික හදන වැඩේ කතා වුණේ මෙහෙම 
බදාදා පෙරවරුවේ සංචාරක  අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ දී පැවැත්විනි. සාකච්ඡාව අතරතුර ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය ” සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න නම් ගම්වල යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕනේ. සමහර සංවර්ධන ව්‍යාපෘති ඒ ප්‍රදේශ වලට ගැලපෙන්නේ නැහැ. මම මේ ගැන ජනාධිපතිතුමා එක්කත් සාකච්ඡා කරා. ඔබතුමාත් මේ ගැන ටිකක් හොයලා බලන්න” කීවාය.
” යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ ඒ ඒ ප්‍රදේශවල යෝජනා අනුවයි. සීතල කාමර වල ඉඳලා නෙමෙයි තීරණ ගන්නේ. බැසිල් මහත්තයාගේ සංකල්පයත් ඒකයි. ජනාධිපතිතුමාගේ මතයත් ඒකයි. ගම සමග පිළිසඳර කරන්නෙත් ඒකටයි. යෝජනා තියනවනම් එවන්න. ආණ්ඩුවේ විශේෂත්වයත් ජනතාවගේ යෝජනාවක් ක්‍රියාත්මක කරන එකයි.” රණතුංග ඇමතිවරයා ඊට පිළිතුරු දුන්නේ ය.
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනෙක්  පාර්ලිමේන්තු ලොබියේ සාකච්ඡාවක යෙදී සිටියේය. ඒ අවස්ථාවේ උපුල් මහේන්ද්‍ර, මිලන් ජයතිලක, සහන් ප්‍රදීප් හා  කෝකිලා හර්ෂනී සාකච්ඡාවට එක්ව සිටියහ.
පොහොට්ටු ඉතිහාසය
“ලඟදිම අපිට ලොකු වැඩක් තියෙනවා. නොවැම්බර් දෙවැනි දා අපේ පක්ෂයේ  සංවත්සරය. එකට මොනවා හරි කරන්න ඕන. බැසිල් ඇමැතිතුමාත් මේ ගැන කතා කළා.” රණතුංග ඇමැතිවරයා කීය.
” අපි ලංකා ඉතිහාසයේ ලාබාලම දේශපාලන පක්ෂය. කොවිඩ් නිසා අවුරුදු දෙකක්ම අපිට සම්මේලනය පවත්වන්න බැරි වුණා.” මිලාන් ජයතිලක කීවේය.
” අපේ පක්ෂය ගොඩනැගුනෙ නැත්නම් අද අපේ මේ ආණ්ඩුව පිහිටුවන්නේත් නෑ ” කෝකිලා හර්ෂණී පිළිතුරු දුන්නේ ය.
” ඔව් ඔව්. පක්ෂ හැදුවොත් පාරක් ගානේ ඇවිත්දනවා කිව්වා.  ගොඩක් අය පක්ෂය හදන එක වලක්වන්න උත්සහ කළා. අන්තිමට ඒ අයම  පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කිය කිය පාරක් පාරක් ගානේ ඇවිද්දා. එහෙම ඉතිහාසයක් තියෙන පක්ෂයක්. ” ප්‍රසන්න රණතුංග නැවතත් කීය.
කතාව අවසානයේ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් කැඳවා පක්ෂ සංවත්සරය සැමරීම  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය විය.
ඉසුරු දොඩන්ගොඩ මන්ත්‍රීවරයා ජනාධිපති හමුවීමට පැමිණ ඇත. “ජනාධිපතිතුමාට ආරාධනයක් කරන්න මම ආවේ” කියමින් ඔහු බුලත් සමඟ කාඩ් එකක් ජනාධිපතිට පිළිගන්වා තිබේ. “ආහ කසාදෙ නේද ? තාම බැඳලා නැත්ද ? මම මෙච්චරකල් හිතන් හිටියේ බැඳලා කියලා” ජනාධිපතිවරයා ආරාධනය පිළිගනිමින් එසේ පැවසුවේය.එමෙන්ම පසුගිය සතියේදී ජනාධිපති සහ අගමැති දෙපල කොළඹ සුපිරි හෝටලයක පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වීය. ඒ තමන්ගේ ලඟම හිතවතෙකුගේ විවාහ උත්සවයක සාක්ෂිකරුවන් ලෙස අත්සන් කිරීමටය. ලංකාවේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ වන විට ලංකාවේ නැත. ඔහු මැදපෙරදිග බලා පිටත්ව ගොස් ඇත. ලෝකයේ මහ බැංකු කටයුතු වල බෙහෙවින්ම ගරු කටයුතු තනතුරක් වන  කටාර් රාජ්‍යයේ මහ බැංකු අධිපතිව ලංකාවේ මහ බැංකු අධිපති එහිදී මුණ ගැසී ඇති අතර එහිදී ලංකාවේ සහ කාටර්හි ආර්ථික සංවර්ධනය ගැන දීර්ඝ ලෙස සාකච්චා කර තිබේ.